ශ්‍රී ලංකාව  සහ  මූල්‍ය අරමුදල අතර  කාර්ය  මණ්ඩල  එකඟතාව  සාර්ථකයි….

ශ්‍රී ලංකාව සහ මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල එකඟතාව සාර්ථකයි….

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හදිසි ණයක් ලබා දීම සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණ ඇති අතර ඒ පිළිබඳ විධිමත් නිවේදනයක් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව, IMF වෙතින් ඩොලර් බිලියන 3ක් දක්වා ඉල්ලා තිබුණි.

කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් සාමාන්‍යයෙන් IMF කළමනාකාරිත්වයේ සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන අතර ඉන් පසුව ශ්‍රී ලංකාවට අරමුදල් සඳහා ප්‍රවේශය ලැබේ.

IMF කණ්ඩායමක් දේශපාලන පෙරමුණේ ගැටළු විසඳීම සඳහා භාණ්ඩාගාර ලේකම් ඇතුළු ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සමඟ අඟහරුවාදා රාත්‍රිය දක්වා සාකච්ඡා පැවැත්වූ බව ආරංචි මාර්ග පවසයි.

මේ අතරවාරේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ කතාබහ සම්බන්ධීකරණයට ජපානය ඉදිරිපත් වී සිටී. චීනය මෙම වැඩ පිළිවෙලට එකඟද නැද්ද යන්න තවමත් දැන ගැනීමට නැත.

Related Articles