ශ්‍රී ලංකා ගැටළුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැකි ඉක්මනින් ක්‍රියාත්මකයි…

ශ්‍රී ලංකා ගැටළුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැකි ඉක්මනින් ක්‍රියාත්මකයි…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ අර්බුදය සමහන් කිරීමේ සාකච්ඡා “හැකි ඉක්මනින්” අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පැවසුවාය.

ටෝකියෝ හි Nikkei Asia මධ්‍ය වෙත ජෝර්ජිවා කියා සිටියේ විදේශ සංචිත සිඳී යාමෙන් පසු ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇතිවී තිබෙන මොහොතක ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව අරමුදල ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බවයි.

ජෝර්ජිවා පැවසුවේ “අපට අපගේ සාකච්ඡා දිගටම කරගෙන යා හැකි රජයක් ඇති වූ වහාම අපගේ කණ්ඩායම ශ්‍රී ලංකාවට යන බවයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ දිව්රුම් දීමෙන් අනතුරුව වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රීලංකාව සමඟ සාකච්ඡා ආරම්භ කරනු ඇත.

මේ වන විටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තාක්ෂණික කණ්ඩායම ශ්‍රී ලංකාවේ මහ බැංකු නිලධාරීන් සමඟ කරගෙන යන කටයුතු වල හොඳ ප්‍රගතියක් දක්නට ලැබෙන බවයි ජෝර්ජිවා පැවසුවේ.

රනිල්ට විරාමයක්…

ජෝර්ජිවා පැවසුවේ, “ඊළඟ නායකයාට සහයෝගය ලැබෙන තාක් සහ රට මෙහෙයවීමට දීර්ඝායුෂ ඇති තාක්” IMF ඕනෑම ශ්‍රී ලංකා පරිපාලනයක් සමඟ කටයුතු කරන බවයි. මෙම සහයෝගය පවත්වා ගෙන යෑම රනිල් වික්‍රමසිංහ හමුවේ ඇති අභියෝගයයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ දිගටම කටයුතු කරගෙන යෑමට නම් ඔහුට විරෝධය පල කරන පිරිස් ඔහුට විරාම කාලයක් ලබාදිය යුතු බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ විශාලතම ණයහිමියන් වන්නේ ජපානය, චීනය සහ ඉන්දියාවයි. ජෝර්ජිවා පැවසුවේ තම ආසියානු සංචාරයේදී මෙම රටවල් සමඟ තත්වය පිළිබඳව සාකච්ඡා කරන බවයි.

Related Articles