සන්සුන් වන ලෙස අරගලකරුවන් ගෙන්  පුජ්‍ය පාශයෙන් ඉල්ලීමක්

සන්සුන් වන ලෙස අරගලකරුවන් ගෙන් පුජ්‍ය පාශයෙන් ඉල්ලීමක්

රටින් පිටවූ ජනාධිපති වරයා අග්‍රාමාත්‍ය වරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය . හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පියාසර කරනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය. මේ සමඟ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් වන බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම රටින් පිටුවහල් කරන ලෙස මාලදිවයින් ජනාධිපතිවරයාට බලකරමින් ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතා පැවැත්වෙන බවද වාර්තා වේ. අද දහවල් වනවිට ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත ලබාදී තිබුනේ නැත.

ගාළු මුවදොර ප්‍රදේශයේදී ගුවන්යානා ඉතා පහළින් ගමන් කොට විරෝධතා කරුවන් බිය ගැන්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙතින් විරෝධතා එල්ල වී ඇත.

ගාලු මුවදොර අරගල භූමියේ සිටින පිරිස ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ නිල දැනුම් දීම කථානායකවරයා විසින් සිදුකරන තෙක් බලා සිටින අතර එම ලිපිය ප්‍රමාදවීමත් සමඟ අසහනකාරී තත්වයක් මතුවෙමින් පවතී.

ජනතා මතයට අවනත වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම වඩාත් උචිත බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මේ මොහොත වන විට රට අර්බුදයකට තල්ලු වෙමින් පවතින බව අනුර සහ මෛත්‍රි යන දෙදෙනාම පවසති. පොරොන්දු වූ පරිදි ජනාධිපති සහ අගමැතිවරයා තනතුරෙන් ඉවත්වනතුරු ඉවසීමෙන් සිටින ලෙස පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සහ මැල්කම් රංජිත් හිමිපාණන් අරගලකරුවන් ගෙන් ඉල්ලා සිටිති .

Related Articles