සමජ මාධ්‍යයේ  අනාන්ද – රාජකීය අපහාස  හුවමාරුව…

සමජ මාධ්‍යයේ අනාන්ද – රාජකීය අපහාස හුවමාරුව…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධනගේ පාසැල් මිතුරෙක් වුයේ තුනේ පංතියේදීය. දැන් දෙදෙනා රටේ ලොකුම පුටු දෙක හොබවති. රාජකීය ආදි ශිෂ්‍යයන් දෙදෙනකුට එම ගෞරවය හිමිවීම ගැන ප්‍රීති වෙන ආදි ආනන්දීයන් පිරිසක් සිටින බව කියන්නේ economy next මාධ්‍යවේදී නාමල් සුවේන්ද්‍රය.

ඔහුට අනුව පුවත මෙසේය :

ආදි ශිෂ්‍ය ගෝඨාභය රාජපක්ෂගේ කාර්යක්ෂම ආර්ථිකය කළමනාකරණය නිසා තමන්ටත් තම විද්‍යාලයටත් නොමඳව ජනතාවගෙන් කුණු බැනුම් අසන්නට විය. දැන් ඒ බැණුම් එන්නේ රාජකීය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් වන රනිල් සහ දිනේෂ්ටය .

මෙය අනන්දීයන්ට සහනයක් වන අතර තවත් ආනන්ද ආදී සිසුවෙක් වන ඩලස් අලහප්පෙරුම රනිල්ට හොඳ සටනක් දීමද ඔවුන්ට ප්‍රීතිය දනවයි.

නාමල් සුවේන්ද්‍ර පෙන්වා දෙන අන්දමට රනිල් තම අළුත් රැකියාව භාරගෙන ජනතා විරෝධයට සහ ජාත්‍යන්තර හෙලා දැකීමට මේ තරම් ඉක්මනින් භාජනය වූ ජනාධිපතිවරයෙක් නැති තරම්ය.

“ රාජකීයයන්ට මහජන අපහාස ලබා ගැනීමට අපි මෙයින් අවස්ථාව ලබා දී ඇත්තෙමු” යැයි ආනන්දයේ ආදී සිසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් සිටිති.

අනෙක් අතට සමාජ මාධ්‍ය ඔස්සේ ආනන්දයේ ආදි ශිෂ්‍යයින් හට කෝචෝක් කරන පිරිස් කියා සිටින්නේ ජනාධිපති මන්දිරයෙන් පලා යන්නට සිදුවු ආදී සිසුවෙක් සිටීමද ආඩම්බර වන්නට කාරණයක් නොවන බවයි.

ගෞරවාන්විත චරිතයක්…

රනිල් වික්‍රමසිංහ අයත්වන්නේ රාජකීයන්ගේ 60 වන කණ්ඩායමටය මේ කණ්ඩායමේ අතිශය ගෞරවාන්විත චරිතය වන්නේ බ්‍රිගේඩියර් විපුල් බොතේජුය. 1989 ඇතිවූ කැරලිකාරී තත්වයන් තුළ ජවිපෙ සැකකරුවන්ට පහර දෙන ලෙස එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්නගෙන් දුන් නියෝග නීති විරෝධී බව කියමින් දකුණේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් විපුල් බොතේජු හමුදා සේවයෙන් ඉවත්විය.

වඩාත් වැදගත් වන්නේ ඔහු අනීතික නියෝග දුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්නගේ අන නොතකා සේවයෙන් ඉවත්වීම පණක් නොවේ. ඔහු ඉවත් වුණේ එකල සර්ව බලධාරී වූ රන්ජන් විජේරත්නට ලුණු ඇඹුල් ඇතුව හොඳවායින් දෙකක් කීමෙන් පසුව බව නාමල් සුවේන්ද්‍ර කරන හෙළිදරව්වයි.

රන්ජන් විජේරත්න ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙක් විය. රාජකීය විද්‍යාලය තම වර්ෂ අවසාන මහා ක්‍රිකට් තරඟය පවත්වන්නේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලය සමඟයි. මේ නිසා බ්‍රිගේඩියර් විපුල් බොතේජු බේරුනා දැයි නොදනිමු.

Related Articles