සුමිහිරි පානේ පදමට  ගහන්න අවසර….

සුමිහිරි පානේ පදමට ගහන්න අවසර….

කොවිඞ් වසංගතය යළි පැතිරෙන තත්වයක් තිබුනද මෙතෙක් මංගල උත්සව වලදී මත්පැන් සංග‍්‍රහ කිරීම සම්බන්ධව මෙතෙක් පැවැති තහනම ඉවත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පියවරගෙන ඇත.

උත්සව ශාලාවේ ධාරිතාවෙන් හරි අඩක් සඳහා පුද්ගලයන් සහභාගි කරවාගෙන මංගල උත්සවය පැවැත්වීමට දැන් අවසර ලබාදී ඇත. මෙතෙක් පැවැතියේ උත්සව ශාලාව තුළදී නම් පුද්ගලයින් 200 ක් සඳහා සහ එළිමහන් සාද සඳහා පුද්ගලයින් 250 ක් ලෙසය. මේ තහනම ඉවත් කිරීම හේතුවෙන් සංගීත කණ්ඩායම් වලට වඩාත් පහසුවෙන් තමන්ගේ ජීවනෝපාය කරගෙන යෑමේ අවස්ථාව උදාවනු ඇත.

අවමංගල උත්සවයකට මෙතෙක් වරකදී සහභාගි වීමට අවසර දී තිබූ 20 පිරිස 30 දක්වා වැඩිකර ඇත.

ආපනශාලා ඇතුළත එහි ධාරිතාවෙන් හරි අඩක් සඳහා පිරිස සහභාගි කරවා ගැනීමටද ආපන ශාලාවේ එළිමහන් සංග‍්‍රහ සඳහා පුද්ගලයින් 150 ක් දක්වා උපරිමයක් සහභාගි කරවා ගැනීමටද අවසර දී ඇත. මෙතෙක් අවසර ලබාදී තිබුණේ ආපන ශාලාව තුළ 100 ක පිරිසක් සඳහා පමණි.

වෘත්තීය පුහුණු ආයතනවල එක්වරකදී එහි ධාරිතාවෙන් සියයට 50% ක් සඳහා පිරිස සහභාගි කරවා ගැනීමට ලබාදී තිබූ අවසරය සියයට 75% දක්වා ඉහළ දමා ඇත.

කඩ සාප්පු, ඖෂධ සැල් සහ සුපිරි වෙළෙඳසැල් සඳහා පාරිභෝගිකයන් වරකදී එහි ධාරිතාවෙන් 1/3 ක් පමණක් ඇතුළු කර ගැනීමට ලබාදී තිබූ අවසරය සියයට 50 ක් දක්වා දීර්ඝ කර ඇත.

ප‍්‍රදර්ශන සහ සම්මන්ත‍්‍රණ ශාලා සඳහා වරකදී සහභාගි කරවාගත හැකි පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් වරකදී ශාලා ධාරිතාවෙන් හරි අඩක් සහභාගි කරවා ගැනීමට ද අවසරදී ඇත.

එය මෙතෙක් පැවැතියේ වරකදී පුද්ගලයින් 150 කට පමණි.

Related Articles