සුරාබදු අදායමෙන්  භාගයක්ම රටට අහිමි…

සුරාබදු අදායමෙන් භාගයක්ම රටට අහිමි…

සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රටට ලැබිය යුතු 50%කට වැඩි බදු ප්‍රමාණයක් රටට අහිමි වෙමින් තිබෙන්නේ යැයිද ඒ හරහා එහි නිලධාරීන් පිරිසක් අයතා මුදල් ගණුදෙනුවක නිරතව සිටින්නේ යැයිද දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ හෙළිකරයි.

ස්කාගාරවලින් නිකුත්කරන බෝතල් සඳහා, ඉන්දියාවේ මුද්‍රිත ස්ටිකරයක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ කටයුතු කළ අතර මේ වනවිට එම ස්ටිකර් මෙරටට ලැබීම නතරවී අතැයිද මේ හේතුවෙන් ස්කාගාරවලින් නිකුත්කරන බෝතල් සඳහා ස්ටිකර් ප්‍රමාණවත් තරම් නොලැබීමෙන් ඒ ඒ ස්කාගාරවලින් නිෂ්පාදනය කරන බෝතල් ප්‍රමාණය නිශ්චය කර ගැනීමට නොහැකිවී ඇතැයිද අයකළ යුතු බදු විශාල වශයෙන් අහිමි වී ඇතැයිද ඔහු සඳහන් කරයි.

Related Articles