හැටන් – කොළඹ පාරත් වසයි….

හැටන් – කොළඹ පාරත් වසයි….

භුමිතෙල් මිල දි ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල සිටි දෙදහස් පන්සීයකට වැඩි පිරිසක් හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේ ඉන්දන නොමැති කමින් පිරවුම්හල ඉදිරිපිටින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම ප්‍රදේශයට ජුනි 09 වන දිනෙන් පසු භූමිතෙල් නොලැබුණු බවත්, දින ගණනක පොලිම්වල රැදි සිට ආපසු හිස් අතින් නිවෙස් කරා යෑමට සිදුවූ බවත් එනිසා පාරිභෝගිකයෝ විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමා උද්ඝෝෂණය කිරීමට තීරණය කළ බවත්, ඔවුන් පැවසීය. මෙම මාර්ගයේ ධාවනය කල වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවිමට හැටන් පොලිසියේ නිලධාරින්ට සිදු විය.

Related Articles