කොල්ලනි කෙල්ලනි බොන්න  සකේ…..

කොල්ලනි කෙල්ලනි බොන්න සකේ…..

ජපානය තම රාජ්‍ය අදායම වර්ධනය කිරීම සඳහා තරුණ, තරුණියන් අතරේ සකේ පානය ජනප්‍රිය කිරීමට අදහස් කරයි. ජපානයේ බොහෝ තරුණ වැඩිහිටියන් මතින් තොර වීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇත.

සකේ වැනි මත්පැන් වර්ග වලින් රජයට ලැබෙන බදු ආදායම අහිමි වුවත් ඒ හේතුවෙන් අඩුවෙන් රෝහල් ගාස්‌තු ගැන කල්පනා නොකිරීම පිළිබඳව ආණ්ඩුවට විවේචන එල්ල වුවත් ජාතික බදු නියෝජිතායතනය ජාතික තරගයක් සංවිධානය කොට මේ පිළිබඳව අදහස් දැක්වීමට ඉඩ ලබා දී ඇත.

මෙම තරගය හරහා වයස අවුරුදු 20 සිට 39 දක්වා වයස්වල පසුවන අයගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සම වයසේ මිතුරන් අතර ජපන් සකේ, ෂෝචු, විස්කි, බියර් හෝ වයින් සඳහා වූ ඉල්ලුමක් ඇති කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් බෙදා ගන්නා ලෙසයි.

මත්පැන් පානය වඩාත් ආකර්ශනීය කිරීමට “Sake Viva!” ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර ඇත. සකේ යනු සහල් වලින් පෙරෙන ජපාන මධ්‍යසාරීය පානයකි. ජපානයෙහි, මෙම වදනෙහි සරල අරුත වන්නේ මධ්‍යසාරීය පානය යන්නය.

Related Articles