සිංගප්පුරුවේදී  ගෝඨාභය අත්අඩංගුවට ගන්න ඉල්ලීමක්…

සිංගප්පුරුවේදී ගෝඨාභය අත්අඩංගුවට ගන්න ඉල්ලීමක්…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය සඳහා වූ ව්‍යාපෘතිය (ITJP) සිංගප්පුරු ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබේ.

සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත පිටු 63 කින් යුත් අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පැවති 25 වසරක සිවිල් යුද්ධයේ අවසාන දිනවල එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවයි.

දකුණු අප්‍රිකාව පදනම් කරගත් ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපාරය පවසනේ ජාත්‍යන්තර අධිකරණ බලය මත පදනම්ව, චෝදනා එල්ල වූ අපයෝජනයන් සිංගප්පූරුවේදී නඩු පැවරීමට යටත් වන බවයි.

ගොනු කර ඇති අපරාධ පැමිණිල්ල සාක්ෂි මගින් තහවුරු කල හැකි බව පැමිණිල්ල කෙටුම්පත් කළ නීතීඥවරියක වන ඇලෙක්සැන්ඩ්‍රා ලිලී කැදර් බර්ලිනයේ සිට දුරකථනයෙන් රොයිටර් වෙත පවසා තිබේ.

“සත්‍යය හෙළිදරව් කිරීමට සිංගප්පූරුවට අද්විතීය අවස්ථාවක් ලැබී තිබේ තිබේ.”යනුවෙන් ඇලෙක්සැන්ඩ්‍රා ලිලී කැදර් පවසන්නීය.

ශ්‍රී ලංකාව ආණ්ඩුවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් යුධ අපරාධ චෝදනා නිරන්තරයෙන්ම තරයේ ප්‍රතික්ෂේප කොට ඇත.

සිංගප්පුරුවේ නීතිපති දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ජූලි 23 දිනජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපාරය වෙතින් ලිපියක් ලැබී ඇති නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුරට අදහස් දැක්විය නොහැකි බවයි.

Related Articles