ආදිවාසි  මුර්මු ඉන්දියාවේ පලමු  පුරවැසියාවේ …..

ආදිවාසි මුර්මු ඉන්දියාවේ පලමු පුරවැසියාවේ …..

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්‍ෂක ශ්‍රීමනි ද්‍රෞපදි මුර්මු 98 % ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉන්දියාවේ නව ජනාධිපති ලෙස පත්ව සිටී. ගුරුවරියක් ලෙස ජීවිතය ආරම්භ කළ මුර්මු ඉන්දියාවේ පක්ෂ ගණනාවක සහයෝගය ලබමින් ජනාධිපති තනතුරට පත්වන්නේ ඉන්දීය සමාජය තුල ආන්තික කරණයට ලක්වූ ජනකොටස් වලට පෙරට ඒමට ඉඩක් ඇති බව සනාථ කරමිනි.

ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්හි අණ දෙන නිලධාරියා වන්නේ ජනාධිපතිනියයි. ඇය ජනපතිකමට පත් වූ පළමු ආදිවාසි සහ දෙවන කාන්තාව වේ.

ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක යෂ්වන්ත් සිංහට ලැබුනේ ඡන්ද 1058ක් පමණි. එය මුර්මු ලැබූ ඡන්ද ප්‍රමාණයෙන් අඩක් පමණි. නැගෙනහිර ඉන්දියවේ දුරබැහැර ආදිවාසි පරපුරක ඉන්දීය දියණියක් ජනාධිපති තනතුරට පත් කිරීම තුලින් බිලියන 1.3 ක ඉන්දියානුවන් ඉතිහාසයට වැදගත් යමක් එක කොට ඇති බව ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝඩි පවසයි. මුර්මු දේශපාලනයට 1997 දී පිවිසියේ පළාත් පාලන දේශපාලනයෙනි පසුව ඇය ප්‍රාන්ත ආණ්ඩුවේ වාණිජ සහ ප්‍රවාහන ඇමතිවරිය වුවාය.

දේශපාලන ජීවිතයේදී ඇය සාර්ථක වුවත් සැමියාගේ සහ දරුවන් දෙදෙනාගේ අකල්ව මරණ ඇය කම්පනයට පත් කල සිදුවීම්ය.

ඉන්දියාවේ ජාර්කාන්ඩ් පළාතේ ආණ්ඩුකාර තනතුරට 2015 වසරේදී පත්වූ ඇය ආදීවාසීන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටියාය.

Related Articles