චීනය වෙනුවෙන්  බැංකු අධිපති  නන්දල් සහ තානාපති  කොහොන …

චීනය වෙනුවෙන් බැංකු අධිපති නන්දල් සහ තානාපති කොහොන …

චීනය ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ඇතැයි හිටපු ඇමරිකානු සී.අයි . ඒ ප්‍රධානි බිල් බර්න්ස් ප්‍රකාශය කිරීමත් සමගම ශ්‍රි ලංකාවේ ඉහල පෙළේ නිලධාරීන් චීනය වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන ඇත.

චීනයේ සිටින තානාපති පාලිත කොහොන සහ මහ බැංකු අධිපතී නන්දලාල් වීරසිංහ ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

ආර්ථික වශයෙන් ඵලදායක නොවන කොන්දේසි වලට ඉහළ පොලියට ණය ලබාගැනීමට කැමති දුෂිත රාජ්‍ය නායකයින් හොයා ගෙන ඔවුන්ට ණය උගුල් ඇටවීමට ගොස් චීනය අමාරුවේ වැටුන බව බටහිර මාධ්‍ය වාර්තා කරන අතරේ චීන මාධ්‍ය පවසන්නේ මේ බටහිර විසින් ගොතන ලද පදනම් විරහිත බේගලයක් බවයි. යුක්රේන යුද්ධය සහ කොරෝනා ගෝලීය වසංගතය සමඟ අර්බුදකාරී තත්වයකට තල්ලු වෙමින් සිටින චීනයට මේ “ණය උගුල” චෝදනා සමඟ සටන් කිරීමට සිදුවී තිබේ.

චීනයේ ණය හරහා උපායමාර්ගිකව ජාත්‍යන්තර වත්කම් සුරක්ෂිත කර ගැනීමේ මාධ්‍යයක් නිර්මාණය කරගැනීම එම රටවල් වලට ව්‍යසනයක් වී ඇති අතර චීනයටද එය හනිකර බවයි ඇතැම් බටහිර මාධ්‍ය විස්ලේෂකයින් දක්වන්නේ.

චීනය කියන්නේ නරියා හට මිදී කඩා ගැනීමට නොහැක්වූ තැන මේ මිදී ඇඹුල් බව කියූ ආකාරයට ආර්ථික බලපෑම හීන වෙමින් පවතින ඇමරිකාව ප්‍රලාප දොඩවන බවයි.

“ චීනය සහ අනෙකුත් අය අතර අර්ථවත් සහයෝගීතාවයක් දැකීමට අකමැති එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ලෝකයේ ඇඹුල් මිදි මානසිකත්වය හෙළිදරව් වෙමින් තිබෙන අතර චීනය අනෙකුත් රටවල් සමඟ සහයෝහයෙන් කටයුතු කරන හෙයින් ඇමරිකාවට අවාසි වෙමින් තිබෙන බව පැහැදිලිය” යැයි චීන කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත කියයි.

චීනය ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ඇතැයි පළවන වාර්තා වීරසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාවේ ස්ට්‍රීට් සයින්ස් වැඩසටහනට සහභාගී වෙමින් මේ බව පැවසීය.

ග්ලෝබල් ටයිම්ස් වෙබ් අඩවිය සමඟ සංවාදයකට එක්වූ චීනයේ සිටින ශ්‍රීලංකා තනාපති පාලිත කොහොන පැවසුවේ චීන ණය උගුලේ කථාව පදනම් විරහිත කථාවක් වන බවයි.

“කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය සහ කාර්මික කලාපය වැනි ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා චීනය අරමුදල් සපයා තිබෙනවා . ඒ ව්‍යාපෘතිවලට එරෙහිව රට තුළ විශාල විරෝධයක් හඬක් නැඟෙනවා අපි අසා නැහැ” යයි කොහොන පැවසීය.

“බොහෝ බටහිර මාධ්‍ය හම්බන්තොට වරාය හැඳින්වූයේ “ණය උගුල” ව්‍යාපෘතියක් ලෙසය. මෙය අතිශය අතිශයෝක්තියකි. ඒ “ණය උගුල” චෝදනාව පිටුපස එතරම් සත්‍යයක් ඇතැයි මම හිතන්නේ නැහැ ” යැයි පාලිත කොහොන පැවසීය.

මේ වන විට වරාය භාවිතා කරන නැව් විශාල ප්‍රමාණයක් ඇති බවත් මේ වගේ කිසිම ලොකු ව්‍යාපෘතියක් අවුරුදු දෙක තුනක් ඇතුළත ලාභයක් ලැබෙන්නේ නැති බවත් කොහොන කියයි.

Related Articles