නව  බ්‍රසීල  ජනාධිපති ලුලා ජයග්‍රහනයේ  සව්දිය පුරයි…..

නව බ්‍රසීල ජනාධිපති ලුලා ජයග්‍රහනයේ සව්දිය පුරයි…..

වයස අවුරුදු 77 යි
වාමාංශිකයෙකි
හිටපු ලෝහ කම්කරුවෙකි
2003-2010 ජනාධිපති
2018 දී සිරගත කරන ලද නමුත් පසුව නිදහස් කරන ලදී.

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුවීස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජනාධිපතිවරණයේදී වත්මන් දක්ෂිණාංශික ජයීර් බොල්සොනාරෝ පරාජය කිරීමත් සමඟ බ්‍රසීලය වාමාංශික හැරවුමක් ගෙන ඇත.

පසුගිය 2018 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිව බන්ධනාගාරගතව සිට නිලවරණයට පෙනී සිටීම තහනම් කළ දේශපාලඥයෙකුට මෙය විශ්මය ජනක පුනරාගමනයකි.

ඔහු බ්‍රසීලයේ රාජ්‍ය තෙල් සමාගමක් වන පෙට්‍රොබ්‍රාස් සමඟ ගිවිසුම් ගතවීම සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත.

දින 580 ක් සිරගතව සිටි අතර ඔහු නැවත දේශපාලන සටනට පැමිණියේය.

“ඔවුන් මාව පණපිටින් වළලන්න හැදුවා, ඒත් මම ආවා,” ඔහු සිය කතාවේදී පැවසීය.

Related Articles