මැලේසියානු හිටපු අගමැති බිරිඳ  අවුරුදු  දහයක් බන්ධනාගාරයට….

මැලේසියානු හිටපු අගමැති බිරිඳ අවුරුදු දහයක් බන්ධනාගාරයට….

මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳට අල්ලස් චෝදනා තුනකට වසර දහය බැගින් සිර දඬුවම් නියම කර තිබේ. සමාගමකට ඩොලර් මිලියන දෙසීය හැත්තෑ නමයක ව්‍යාපෘතියක් දිනා ගැනීමට උපකාර කිරීම සඳහා අල්ලස් ඉල්ලීම සහ ලබා ගැනීමේ පිලිබඳ චෝදනා තුනකට රෝෂ්මා මන්සුර් වරදකරු විය.

සිරදඬුවම් කාලය සමගාමීව ක්‍රියාත්මක වන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. ඇගේ සැමියා වන හිටපු අගමැති නජීබ්ට අල්ලස් දූෂණය සම්බන්ධයෙන් වසර දොළහක සිර දඬුවමක් නියම වුනේ දින කිහිපයකට පෙරය.

හැත්තෑ හැවිරිදි රෝෂ්මා මන්සුර් සුඛෝපභෝගී භාණ්ඩ සහ ස්වර්ණාභරණ සඳහා දැක්වුයේ දැඩි ඇල්මකි.

මැලේසියානු පොලිසිය 2018 දී මෙම යුවළගේ නිවස වටලන විට ඩොලර් මිලියන 1.6 ක රන් හා දියමන්ති මාල ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ ස්වර්ණාභරණ රැසක් සොයා ගත්හ.

මහාධිකරණ විනිසුරු සානි මස්ලාන් බ්‍රහස්පතින්දා පස්වරුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන විට නිවැරැදිකරු බව ප්‍රකාශ කළ රෝෂ්මා මන්සුර් විත්ති කූඩුවේ නිහඬව වාඩි වී සිටියාය.

“මම සල්ලි ගන්නවා කවුරුත් දැක්කේ නැහැ, මම මුදල් ගණන් කරනවා කවුරුත් දැක්කේ නැහැ …. නමුත් තීරණය මේක නම් මම ඒක එය දෙවියන් වහන්සේට භාර කරනවා .” යැයි ඇය පැවසුවාය.

මලයාසියාවේ සිවිල් සමාජ ක්‍රියාධාරින් පවසන්නේ තම ජන සමාජයට යුක්තිය ඉටු වූ බවයි. මෙය අවසානය නොවේ ,රෝෂ්මා මන්සුර් මුදල් විශුද්දීකරණ චෝදනා දාහතක් වන නඩු විභාග සඳහා පෙනී සිටිය යුතුය.

Related Articles