වියට්නාමයේ  කොටු වී  සිටින සරණාගතයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට  භාර දෙන්න…

වියට්නාමයේ කොටු වී සිටින සරණාගතයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දෙන්න…

සඳුදා (7) වියට්නාමයේදී බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් ආපසු ගෙන්වා ගැනීමට වඩා එක්සත් ජාතීන්ගේ සංවිධානයට (එජාස) භාරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ඊයේ (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

“සංක්‍රමණිකයන් 303 දෙනාගෙන් සමහරක් උතුරු පළාතෙන්; මන්නාරමේ සිට ඔවුන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු මා අමතා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉල්ලා සිටියා. සඳුදා වියට්නාම බලධාරීන් විසින් බේරාගත් ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට වඩා එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ජනාධිපති වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා ” යැයි මන්ත්‍රී වරයා පැවසීය.

නීති විරෝධී සංක්‍රමණය වරදක් වන නමුත් ජීවත් වීමට මගක් නැති නිසා දේපළ සහ රත්තරං බඩු විකුණා මේ බියකරු ගමනට පිටත් වූ බවයි මන්ත්‍රී වරයා පවසන්නේ.

ජපන් ධජය සහිත හීලියෝස් ලීඩර් නෞකාව දකුණු වියට්නාමයේ fVung Tau වරාය ආසන්නයේදී මේ පිරිස බේරා ගන්නා විට යාත්‍රාවේ නියමුවා සහ කාර්ය මණ්ඩලය යාත්‍රාව අතහැර පලා ගොස් සිටියහ.

Related Articles