සංස්කෘත ජාතික භාෂාවක්  කිරීම ඉන්දීය  අධිකරණය ප්‍රතික්ෂේප  කරයි….

සංස්කෘත ජාතික භාෂාවක් කිරීම ඉන්දීය අධිකරණය ප්‍රතික්ෂේප කරයි….

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා සංස්කෘත භාෂාව ජාතික භාෂාවක් කරන්නැයි ඉදිරපත් වූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළේය. එම් ආර් ෂා සහ ක්‍රිෂ්ණා මුරාරි යන විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ප්‍රශ්නය මතු කිරීමට සුදුසුම වේදිකාව පාර්ලිමේන්තුව මිස අධිකරණය නොවන බවයි.

‘භාෂාවක් ජාතික භාෂාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ආඥාවක් නිකුත් කළ නොහැක,” යැයි පැවසු විනිසුරුවරු පෙත්සම ප්‍රතික්ෂේප කළහ.

අදාළ බලධාරීන් ඉදිරියේ නිසි නියෝජනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට නිදහස ලබා දුන්නේය. සංස්කෘත භාෂාව ආසියාවේ පැරණිතම සම්භාව්‍ය භාෂාවක් වන අතර ඉන්දු-යුරෝපීය භාෂා ශාඛාවකි.

හින්දු ආගමේ පූජනීය පුස්තක රචනාවී ඇත්තේ සංස්කෘත භාෂාවෙනි.සම්භාව්‍ය හින්දු දර්ශන යට අමතරව බුද්ධාගමේ සහ ජෛන ආගමේ ඓතිහාසික ග්‍රන්ථ වැඩි වශයෙන් රචනා වී ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර සිංහල බස ගොඩ නැගීමේදී පාලි සහ සංස්කෘත භාෂා වල දැඩි බලපෑමක් දක්නට ලැබේ.

මේ වන විට සංස්කෘත භාෂාව ජීව භාෂාවක් ලෙස වර්ධනය වීම නතර වී ඇත.

Related Articles