ඩලස්ගෙන් අළුත් දේශපාලන පෙරමුණක් ?

ඩලස්ගෙන් අළුත් දේශපාලන පෙරමුණක් ?

නව දේශපාලන පෙරමුණක් ගොඩනගා ගැනීමට ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ දහසය දෙනෙකු පමණ කටයුතු කරමින් සිටිති.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ට අමතරව,පොදුජන පෙරමුණේ” හෘද සාක්ෂියට එකග මන්ත්‍රී කණ්ඩායමද ඇතළත් වනු ඇති බව පැවසේ.

නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීම තුලින් මීළඟ මැතිවරණයකදී වැඩි වාසියක් ලබා ගත හැකි වේ යැයි විශ්වාස මත මෙම පිරිස ක්‍රියාත්මක බව දේශපාලන විචාරකයින් දක්වති.

ජාත්‍යන්තර සහයෝගය ලැබෙන බව දිනේෂ් කියයි…

මේ වන විට අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ජාත්‍යන්තරව දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසන්නේ සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බවයි.

ජාත්‍යන්තරය ගැන කතා කිරීමට පෙර රටේ අභ්‍යන්තරය ගැන දැනගත යුතු බවත් රජය විදේශ රටවල්වල සහයෝගය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවත් අගමැතිවරයා පැවසීය.

අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදිසි විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව ලබන සදුදා (25) කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත් කරනු ලැබ සිටියි.

ධම්මික පෙරේරා ගේ ජාතික ලැයිස්තු අසුනට පොරයක් …

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ එස් අමරසිංහ යන මහත්වරුන් එම මන්ත්‍රීධූරය ලබාගැනීමේ උත්සාහයක සිටින බව දැනගන්නට ඇත.

Related Articles