පොහට්ටුවේ තීරණයක්  නිසා  රනිල්ට වැඩි වාසියක්….

පොහට්ටුවේ තීරණයක් නිසා රනිල්ට වැඩි වාසියක්….

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වැනි දා සිදු කිරීමට අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර ඇත. ඒ අනුව නව ජනාධිපති පත් කර ගැනීමේ ඡන්ද විමසිම 20 වැනි දා පැවැත්වීමට ද එහිදි තීරණය වී ඇත. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

අගමැති මෙන්ම වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

ඒ අනුව ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතනද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇත.

මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ විකෘති ජනමතයක් බවත් අත්‍යාවශ්‍ය මූලික කටයුතු සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ඉතා කෙටි කලකින් කඩිනම් ඡන්දයක් පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ජුලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්දය සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොවන්නේ නම්, තමා ඉදිරිපත්වන බව එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්දයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි. මේ තත්වය රනිල් වික්‍රමසිංහ හට වැඩි වාසියක් ලැබීමට ඉඩ ඇත.

Related Articles