IMF සහයෝගය  ලැබෙන තෙක්  බලා සිටින මිත්‍ර රටවල්…..

IMF සහයෝගය ලැබෙන තෙක් බලා සිටින මිත්‍ර රටවල්…..

ශ්‍රී ලංකාවේ දාහත් වෙනි පෝලිම් මරණයත් වාර්තාවී තිබේ. එහෙත් මිත්‍ර රටවල් තෝරාගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) රට ගනුදෙනුවක් ලබා ගන්නා තෙක් කල් යල් බලන පිළිවෙතකි .

මිත්‍ර රටවල් සහ රජයන් තෝරාගෙන ඇති මේ බලා සිටීමේ ප්‍රවේශය නිසා ශ්‍රී ලංකාව එන්න එන්නම දුෂ්කර තත්වයකට පත්වෙමින් සිටී.

ඇතැම් රටවල් ඖෂධ සහ ආහාර මිලදී ගැනීමට මුල්‍ය ආධාර ලබාදී ඇති අතර, ඉන්දියාව තෙල් ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලබාදී ඇත .

එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල්, ඉන්දියාව, චීනය, ජපානය සහ මැදපෙරදිග රටවල් සමඟ -පොදු ණයක්, ඉන්ධන ණයක් හෝ ආයෝජනයක් සඳහා – රාජ්‍ය නායකයින් සමඟ කළ සාකච්ඡා ගැන දන්නා රජයේ නිලධාරීන් පවසන්නේ ප්‍රතිචාර දිරිගන්වන සුළු නොවන බවයි.

රටේ ණය දරාගත නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කොට ඇත. බටහිර ආණ්ඩු සහ ජපානය ද දරාගත නොහැකි ණයක් ඇති රටකට අරමුදල් සපයා රට තවත් අමාරුවේ හෙළීමට කටයුතු නොකරනු ඇත.

IMF වැඩසටහනක් සාමාන්‍යයෙන් මහ බැංකුවේ පාලනයට යටත් වන අතර ආර්ථිකය වඩාත් ක්‍රමවත් සහ පාරදෘශ්‍ය කිරීමට මිත්‍ර රටවල් කටයුතු කරනවා විය හැකිය.

එක්සත් ජනපදය, විශේෂයෙන්ම ලෝක බැංකුව සහ IMF හරහා වැඩ කිරීමට කැමැත්තක් දක්වන අතර දැනට තම සංවර්ධන ආයතනය වන USAID හරහා ණය නොවන ප්‍රදාන ලබා දෙමින් සිටී.

පුලුල් පරාසයක සාර්ව මූල්‍ය සැලැස්මක් සැකසීමෙන් තොරව IMF සහයෝගය ලබා ගැනීම් දුෂ්කර විය හැක. අමාරුවෙන් හෝ IMF සහයෝගය ලබා ගතහොත් නැවත ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය ක්‍රමානුකූලව ගොඩනගා ගත හැකිවනු ඇත. ශ්‍රී ලංකාව සාකච්ඡාවලට සහභාගිවන්නේ බංකොලොත් රටක් ලෙසිනි.

ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට අප්‍රේල් 12 වන දින සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන බව නිවේදනය කළේය. අනාගතයේදී ශ්‍රී ලංකාව සතු ආපසු ගෙවීමේ හැකියාව ගැන බොහෝ රටවල් කනස්සල්ලට පත්ව සිටිති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුලි 05 අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කළ කතාවට අනුව, මේ වසරේ ජුනි මාසයේ සිට 2027 අවසන් වන තෙක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 28.6 ක ණය ප්‍රමාණයක් ආපසු ගෙවිය යුතුබව පවසා තිබේ.

මේ තත්වය හමුවේ IMF සහයෝගය ලබා ගැනීම සරල ක්‍රියාවලියක් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි .

Related Articles