එහාට මෙහාට පනින වඩිවේල්ට තව තනතුරක්

එහාට මෙහාට පනින වඩිවේල්ට තව තනතුරක්

පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන්, එම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පත් කර තිබේ.

මීට පෙර, පසුගිය සතියේදී උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයා ලෙස ද වඩිවේල් සුරේෂ් මහතාව පත් කෙරිණි.

වඩිවේල් සුරේෂ් මහතා 2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර මෙවර අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් ඔහුව සජබ පස්සර ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට ද එම පක්ෂය කටයුතු කර තිබිණි.

වතු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර නොගත හොත් ගිනි තබා ගන්නා බවට පවසමින් ඉන්ධන ගැලුම් දෙකක් ද රැගෙන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඇතුළු වීමට වරක් උත්සාහ කළේය .

මේ පෙරළිකාර මන්ත්‍රීවරයාට 1994 සිට සිටම හයවතවකදී තම මන්ත්‍රී තනතුර රැකගත හැකිවී ඇත .හැම විටම ඔහු ඡන්ද හැත්තෑ පන්දහස ඉක්මවා ඇත . ඔහු පොහොට්ටුව සමඟ කටයුතු කරමින් තනතුරු දැරුවේය .වඩිවේල් සුරේෂ් මේ පිල්මරුවෙන් පෙන්න්නුම් කරන්නේ ඔහු රටේ දේශපාලන රිද්මය මැනවින් හඳුනාගෙන සිටින බව නොවේද ?

Related Articles