පොලිස් විමර්ශන වලට පිළිතුරු දීමට සුදානම් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට්

පොලිස් විමර්ශන වලට පිළිතුරු දීමට සුදානම් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා නිකුත් කර ඇති විගණන වාර්තා හා 2022 විස්සයි – 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සහභාගීත්වය සම්බන්ධයෙන් නිකුත් කළ කුසලා සරෝජනී වීරවර්ධන වාර්තාව සම්බන්ධයෙන් මේ තාක් නිසි පියවර නොගැනීම පිළිබඳව ගැටළු මතුව තිබිණ.

මාධ්‍යවේදීන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ශම්ම් සිල්වා පැවසුවේ තමන්ට එරෙහි මුල්‍ය අපචාර චෝදනා ඇත්නම් ක්‍රීඩා බලධාරීන් පියවර නොගන්නේ මන්ද යන්නයි. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාහිර පාර්ශ්ව විසින් සිදුකරනු ලබන විගණන විමර්ශන වලට වග උත්තර දීමට තමන් සුදානම් නැතැයි එම ආයතනයේ නීතිවේදීන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ  පොලිස් විමර්ශන ඒකකයට දැනුම් දී ඇති බව වාර්තා වේ. විමර්ශන තාවකාලිකව අත්හිටුවා නීතිපතිවරයාගේ මතය විමසීමට මේ වනවිටත් ඔලීසිය කටයුතු කොට ඇති බව දැනගන්නට තිබේ .

Related Articles