ක්‍රිකට් පිරිසිදු කරන්න යන හරින්

ක්‍රිකට් පිරිසිදු කරන්න යන හරින්

නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ. ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ශම්මි සහ අර්ජුන රණතුංග සමඟ යෑමට බලාපොරොත්තු වන නව ගමනේදී රොෂාන් රණසිංහ පිළ ඉදිරිපත් කල චෝදනා හමස් පෙට්ටියට යාමට නියමිත බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.

මීළඟ වටයේ තරඟයේ වීරයා වන්නේ රනිල් වික්‍රමසිංහයි. මන්දයත් ශ්‍රිලංකා ක්‍රිකට් තහනම ඉවත් වන්නේ ඔහුගේ මැදිහත් වීමෙනි.

“මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතී අර්ජුන රණතුංග මහතාත්, සියලුදනො එක්ක එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිඳු කරන්න. ඒ වගේම ICC තහනම ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත නැවත් වතවත් හරවාගෙන්න.” යැයි නවක පිතිකරු හරීන් ප්‍රනාන්දු පැවසීය.

Related Articles