ගෝඨාභය යලිත් මව් රටට?

ගෝඨාභය යලිත් මව් රටට?

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට වාසය කිරීමට සිදුවන්නේ කොහේද යන ප්‍රශ්නය උභතෝකෝටික ප්‍රශ්නයක් බවට පත් වෙමින් පවතී.

පවතින තත්වය යටතේ ශ්‍රී ලංකාව ඔහුගේ ආසන්තම ගමනාන්තය විය හැකිය.

පසුගිය 13 වනදා මාලදිවයිනටත් එතැන් සිට 14 වනදා සිංගප්පූරුවටත් පලාගිය හිටපු ජනාධිපති වරයාගේ සංචාරක වීසාව හමාර වීමට පෙර යාමට රටක් හොයා ගත යුතුව ඇත. සිංගප්පුරුව දේශපාලන රැකවරණ ලබා නොදෙන බව කල්තියාම කියා සිටියේය.

ප්‍රතිෂේපකිරීම්…

හිටපු ජනාධිපතිවරයාට මාලදිවයිනට යාමට සිදුවුයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා යානයකින් වන අතර මාලේ හි ගුවන් ගමන් පාලකවරයා එම ගුවන්යානයට ගොඩ බැසීමේ අවසරය ලබාදීම මුලින් ප්‍රතිෂේප කළේය.

ඒ වනවිට මාලදිවයිනේ ජනාධිපතවරයා මක්කම වන්දනාවේ ගොස් සිටි අතර කථානායක නජීඩ් මැදිහත්වී ගුවන් යානය ගොඩ බැස්සවීමේ අවසරය ලබාගත්තේය. එහෙත් මාලදිවයිනේ විරෝධතා ඇතිවෙන්නට පටන්ගත් හෙයින් එහි වැඩි කාලයක් සිටිය නොහැකි බව හිටපු ජනාධිපතවරයා තේරුම් ගත්තේය.

ඊට පෙර හිටපු ජනාධිපතවරයා ඩුබායි බලා ගමන් කිරීමට උත්සාහ කල නමුත් ඔහුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වී තිබු අතර ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය හිටපු ජනාධිපතිවරයා රැගෙන යාමට අකමැත්ත පලකොට තිබින.

ආරක්ෂාව පිළිබඳව ගැටළු :

මාලදිවයින සිට සිංගප්පුරුවට යැමත් පහසු නොවීය. කොළඹ හරහා එන ගුවන් යානයකට නැගීමට ගෝඨාභය රාජපක්ෂ සහ පවුල අදිමදි කළේ ආරක්ෂාව පිළිබඳව ගැටළු මතුවන නිසා විය හැකිය. අවසානයේදී මක්කමට මගීන් ගෙන යන සවුදි අරාබි ගුවන් සේවාවේ යානයකට නැගී සිංගප්පුරුවට පැමිණීමත් සමඟම එරට ආණ්ඩුව කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා එරටට පැමිණ සිටින බවය.

වෙනත් විදියකින් කියතොත් සිංගප්පුරුවේ ආණ්ඩුව ප්‍රශ්නයෙන් අත හෝදා ගත්තේය.

තතු දත් ආරංච් මාර්ග පවසන ආකරයට පුරවැසිකම අත්හරින අයට ඇමරිකාව පහසුවෙන් පුරවැසි බව යළිත් ලබා දෙන්නේ නැත.

සිංගප්පුරුවේ සංචාරක වීසාව අවසන් වූ පසු ගුවන් තොටුපලේදී වීසා ලබාදෙන තවත් රටකට යා හැකි නමුත් එම ගැටළුව විසදන්නේ නැත. මේ වන විට හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුල පිළිබඳව දැඩි ස්වරයේ ලිපි ජාත්‍යන්තර මධ්‍යයේ පලවී තිබීම නිසා ඔහුට ඇත්තේ අවාසිදායක තත්වයකි.

ජාත්‍යන්තර වරෙන්තුවක් :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ හිතවතුන්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළ යුතු බව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩේවි පසුගිය දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ මේ බිහිසුණු තත්ත්වයට හේතු වී ඇත්තේ රාජපක්ෂ බලධාරීන්ගේ දූෂණය, බදු කප්පාදුව, අහස උසට නැඟෙන ආරක්‍ෂක වියදම් නිසා බව සහ කුරිරු පොලිස් බලතල නිසා,” යැයි ඔහු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීම වෙනුවෙන් තමන් කටයුතු කරන බව ශ්‍රීමත් එඩ් ඩේවි ප්‍රකාශ කල අතර ශ්‍රී ලාංකිකයින් ව්ශාල පිරිසක් මේ වන විට බ්‍රිතාන්‍ය පුරවැසියන් බවට පත්වී ඡන්දදායකයින් බවට පත්ව සිටින බව අමතක නොකළ යුතුය.

ආපසු ශ්‍රී ලංකාවට :

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කල හැකි තවත් දෙයක් නම් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමයි.

ආපසු ශ්‍රී ලංකාවට පැමිණි විට නොයෙකුත් නීතිමය අභියෝග සහ විරෝධයන්ට මුහුණ දීමට සිදුවුවත් බලයේ පවතින කිසිම ආණ්ඩුවකට හිටපු ජනාධිපතිවරයෙකුට ලබාදිය යුතු ආරක්ෂාව ලබාදීමේ වගකීම පැහැර හැරීය නොහැක.

සමාජ මාධ්‍ය ඔස්සේ මත දක්වන තවත් පිරිසක් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කවර දුර්වලතා තිබුනද අරගල කරුවන්ට වෙඩි තැබීමට උත්සාහ නොකර උද්වේගකර අවස්ථාවක් හැරීමෙන් ඔහු ප්‍රකට කළ මානවවාදී ගුණය අගය කළ යුතු බවයි. එහෙයින් තිබෙන ගැටළුවක් මෙරටදී විසඳා ගැනීම යෝග්‍ය බවයි මේ පිරිස පෙන්වා දෙන්නේ.

Related Articles