දේශබන්දු ගෙන් උදව් ඉල්ලුවේ නැහැ – සිරිල් ගාමිණී  පියතුමා

දේශබන්දු ගෙන් උදව් ඉල්ලුවේ නැහැ – සිරිල් ගාමිණී පියතුමා

තම වාහනය පදවාගෙන යමින් සිටියදී පුද්ගලයකු හැපීමෙන් පසු තමා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහය පැතූ බවට පළ වූ මාධ්‍ය වාර්තා ගැන සඳහන් කරමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

ඇප ලබා ගැනීම සඳහා තමන් කිසිදු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් සහය ඉල්ලා නොමැති බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි .”මම කිසිම කෙනෙක්ගෙන් උදව් ඉල්ලුවේ නැහැ. මේ කාරණය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට කතා කළේ නැහැ. ” මම දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්තූති කළ බවට පළ වූ වාර්තාත් බොරුවක්. මම කවදාවත් දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟ දුරකථනයෙන් කතා කර නැහැ,” ප්‍රනාන්දු පියතුමා සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත.

“දේශබන්දු අමතා සිරිල් ගාමිණී පියතුමා ඇප ලබාගත්තා” යැයි පොලිසිය කළ ප්‍රකාශයක් මාධ්‍ය වාර්තා කළේය.

“මා පැදවූ මෝටර් රථය යතුරුපැදියක හැපී තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මම කොටහේන පොලිස් ස්ථානයට ගියෙමි. සහ ප්‍රකාශයක් කළා.මගේ මෝටර් රථය පොලිසියට පවරා ගත්තා.කොටහේන පොලිසිය භාර රථවාහන අංශය ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළා.මාව පසුදා වනතුරු කොටහේන පොලිසියේ රඳවා සිටියා.ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතාත් අප සමඟ සිටියා. අපි පහුවදා උදේ උසාවියට යන්න ලෑස්ති වෙලා හිටියේ.මගේ යාළුවෝ හුඟ දෙනෙක් මට දුරකථනයෙන් කතා කරලා තියෙනවා නමුත් මම ඒ හැමෝටම කිව්වා නීතියට පිටින් දෙයක් කරන්න ඕන නෑ කියලා.එදා උදේ කොටහේන පොලිසියේ OIC කිව්වා අපිට එකඟතාවකට එන්න පුළුවන් කියලා. තුවාල ලත් පාර්ශ්වය සමග ගිවිසුමක් අත්සන් කලා .ඒ අනුව පාඩුව පියවා දුන්නා.අදාළ පාර්ශ්ව නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කළා.කාදිනල්තුමා මාව නිදහස් කර ගන්න කාගෙන්වත් උදව් ඉල්ලුවේ නැති බව මම දන්නවා.ඒක ඉවර වුණාට පස්සේ තමයි කාදිනල්තුමා මේ බව දැනගත්තේ” යැයි පියතුමන් පැවසුහ .

Related Articles