රනිල් කොයි පිළේද ?

රනිල් කොයි පිළේද ?

විදෙස් මාධ්‍යට කථා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ ස්ථාවරය වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහය දෙන කණ්ඩායමට තම සහයෝගය ලැබෙන බවයි ” මගේ ස්ථාවරය තමයි නීත්‍යානුකූල පාර්ශ්වයට මම සහාය දෙනවා. ඒ මේ කණ්ඩායම නම් ඔවුන්ට මගේ සහාය ලැබෙනවා.එසේම නීත්‍යානුකූල කණ්ඩායම අනෙක් අය නම්, මම ඔවුන්ට සහාය දෙනවා. නීත්‍යානුකූල වන්නේ තුන්වැනි කණ්ඩායමක් නම් මම සහාය වන්නේ ඔවුන්ට” යයි ඔහු පැවසීය.

මේ මොහොතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිටින්නේ ශම්මි සිල්වා ඇතුළු පිරිස සමඟයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට පවසා ඇත්තේ තමන්ට හා තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන්ට හිටපු ක්‍රීඩකකුගෙන් බලපෑම් සිදුවූ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට කුසල් මෙන්ඩිස් තෝරා ගැනීමෙන් පසූ දසුන් ශානක නායකත්වයට පත් කරන්නැයි ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් තමන්ට බලපෑම් කළ ආකාරය ද වික්‍රමසිංහ පොලිස් ඒකකයට පවසා ඇත.

තරඟාවලිය තහනම් වීම නිසා අහිමි අදායම

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවට ගෙන් යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය මුදල ඇමරිකන් ඩොලර් මිලියන 100 කට අධිකය. මෙම අලාභය ශ්‍රී ලංකාවට කල අදායම් අහිමි කිරීමක් ලෙස සලකා නීතිමය ක්‍රියා මාර්ගයක් ගත හැකිද යන්න පිළිබඳව දුෂණ විරෝධී නීතිවේදීන් පිරිසක් අතරේ සාකච්ඡාවක් ඇතිවී තිබේ.

Related Articles