වෛද්‍ය සැපයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රිමාන්ඩ්

වෛද්‍ය සැපයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියමින් වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් රිමාන්ඩ් කිරීමත් සමඟ මේ සියල්ලේ මෙහෙයුම්කරු තවමත් නිදැල්ලේද යන ප්‍රශ්නය මතු වේ තිබේ .

මුදල් වලට කුමක් සිදුවුවේද?

වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් රජයට රුපියල් ලක්‍ෂ 1070ක පාඩුවක් කල බව පැවසේ .නමුත් ගැටළුව වන්නේ මේ මුදල් වලට කුමක් සිදුවුවේද යන්නයි .

සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (05) නියම කළාය.
අයිසුලේස් බයෝ ෆාර්මා සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තාට මුදල් ගෙවීම සඳහා අනුමැතිය දීමෙන් පසුව බැංකුවේ තැන්පත් කරන ලද මුදල් ඒ වහාම වෙනත් ගිණුමකට බැර කරගෙන තිබේ .

රහස් පොලිසියය සමඟ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් තෝරාගත් සැපයුම්කරුවන්ට ගැණුම් ඇණවුම් නිකුත් කිරීමේදී පිළිපැදිය යුතු ක්‍රමවේදය හා කොන්දේසි” ධෟෂධ තොග වශයෙන් හා කොටස් වශයෙන් දෙන අවස්ථා වලදී පිළිපැදිය යුතු ක්‍රමවේද පිළිබඳ මෙන්ම ලියාපදිංචියකින් තොර ගැණුම්කරුවන්ගෙන් ඹෟෂධ ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරයද සැකකරුට දැනුම් දී ඇතැයි කීවාය.

එසේ තිබියදී තොග සම්බන්ධයෙන් නිසි සොයා බැලීමකින් තොරව ජනවාරි මස 12 වැනිදා ගැණූම් ඇණවුමේ මුල් පිටපත නිකුත් කර ඇති බවත් ඉක්මනින් පළමු සැකකරුට ඇණවුම් ලැයිස්තුව නිකුත් කිරීමට නියම කර ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය මාස 02කට ප්‍රමාණවත් ඹෟෂධ තොග ලංකාවේ ඇති බවට ඹෟෂධ පාලකවරයා දැනුම් දී තිබියදීත් පළමු සැකකරුට ගැණූම් ඇණවුම නිකුත් කිරීම හේතූවෙන් රජයට රුපියල් බිලියනයක මුදලක් අහිමි වී ඇතැයිද පැවසුවාය.

2022 සැප්තැම්බර් මාය වන විට ”රිපොක්සිමැප්‘ නැමැති ඹෟෂධයේ මාත්‍රා 75000ක් රටේ තිබී ඇති බවත් එසේ තිබියදී ඔක්තෝමබ්ර් සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා මසකට එන්නත් 9500 බැගින් සහ ජනවාරී මාසයේදී එන්නත් 11750ක් වශයෙන් ලබාගෙන ඇතැයි ලක්මිණී ගිරිහාගම මෙනවිය පෙන්වා දුන්නාය.

මුදල් ගෙවීමට අනුමැතිය දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය බව සැකකරුගේ නීතීඥ නලීන් ද සිල්වා පෙන්වා දුන්නේය.

තම සේවාදායකයාට මෙය කිරීමට වුයේ අමාත්‍ය මණ්ඩලයේ සහ අමාත්‍ය ලේකම්වරයාගේ නියෝග මත යැයිද නීතීඥ නලීන් ද සිල්වා පැවසීය .

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු හුදු රාජකාරීමය නොසැළකිල්ලෙන් බැහහැර වන අපරාධමය වරදක් චේතනාන්විතවම කළ බවට කරුණු ඉදිරිපත් වී ඇතැයි තීරණය කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු සැකකරුවකු වශයෙන් නම් කළාය.

නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ හේෂාණී විජේසිංහ මහත්ම සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.

Related Articles