සිනමාව වර්ණවත් කළ මනුවර්ණට සම්මාන

සිනමාව වර්ණවත් කළ මනුවර්ණට සම්මාන

22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලදී හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රි ලාංකික චිත්‍රපටි අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ සමත්විය.

එම සම්මානය හිමිවූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද “රහස් කියන කඳු” චිත්‍රපටය වෙනුවෙන් වන අතර සිය කුළුදුල් සිනමාපට අධ්‍යක්ෂණයට මෙවැනි ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වීම සුවිශේෂි කරුණකි.

සාමාන්‍යයෙන් ලාංකීය සිනමාව තුළ එතරම් දැකගත නොහැකි පොලිටිකල් – ත්‍රිලර් ශානරයේ චිත්‍රපටයක් වන මේ චිත්‍ර පටියට පදනම් වේ ඇත්තේ 1988-89 භීම සමයයි .
භීෂණ සමයේ තරුණයන්ගේ අතුරුදහන්වීම හා සම්බන්ධ නිර්දය ප්‍රහසනයට ලක්‌ කෙරේ.

අද්භූත වයිරස යක් දිවයින පුර පැතිර යන්නේ ගින්නක් මෙනි . බොහෝ තරුණ තරුණියන් සියදිවි නසා ගන්නා බැවින් මෙම වෛරසය හේතුවෙන් ප්‍රධානතම ගොදුරු බවට පත්වන්නේ තරුණ තරුණියන්ය.රෝග පාලන ඒකකය ඕනෑම ආකාරයකින් භයානක වසංගතය පාලනය කිරීමට වගකීම භාර ගන්නා බවට දිවුරුම් දෙයි.

දිග හැරෙන්නේ නිර්දය ප්‍රහසනයකි “ලාංකේය භූමියේ අඩසියවසක මෑත ඉතිහාසයට අයත් සිවිල් යුද්ධය හා තරුණ කැරලි පාදක කර ගත් පරිකල්පිත ප්‍රබන්ධයකි” යයි මනුවර්ණ පවසයි .

බ්ලැක් කොමඩි

රෝග මර්දන විශේෂ ඒකකය හෙවත් රාජ්‍ය ඝාතන කල්ලිය ඕනෑම ලෙඩකට පිළියම් දීමට සමත්ය විචාරක උදේනි ජයවීර පවසන්නේ රහස් කියන කඳු කතා වස්තුව සැබෑව සහ ප්‍රබන්ධයක් අතර මිශ්‍රණයකි. ඒ අනුව චිත්‍රපටයේ දැක්වෙන තරුණ ඝාතන බෝවන මානසික රෝගයක් නිසා සිදු වූ සිය දිවි නසා ගැනීම් ලෙස පරිකල්පනය කර ඇත. ඉහත සඳහන් කර ඇති බ්ලැක් කොමඩි යනු ඝාතනය, ප්‍රචණ්ඩත්වය, හිංසනය වැනි ඛේදජනක, වේදනාකාරී අඳුරු විෂයයන් කලාවට ගෙන ඒමේ දී භාවිත කෙරෙන උපහාසය, උත්ප්‍රාසය හා සෝපහාසය (Satire, Irony and Sarcasm) උපදවන හාස්‍ය ප්‍රභේදයකි.

රහස් කියන කඳු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තම නිර්මාණයෙන් මතු කිරීමට උත්සාහ කරන අර්ථ වඩාත් හොඳින් ප්‍රෙක්ෂකයාට හැඟී යන පරිදි, කලාත්මක උපාය මාර්ගයක් ලෙස ඉහත කී සැබෑව, ප්‍රබන්ධය, බ්ලැක් කොමඩි යන මේ සංකලනය යොදා ගෙන ඇත. එය කලාකරුවාට ලබා දී ඇති වරපත්‍රය යි (Poetic License) කලාකරුවෙකුට පරිකල්පනයේ නිදහස ඇත. චිත්‍රපටය අනුව යන මේ කලාත්මක උපාය මේ චිත්‍රපටයෙහි අපූර්වත්වය ලෙස බොහෝ දෙනෙකු හඳුනා ගෙන ඇත.

මෙම චිත්‍රපටයේ ජගත් මනුවර්ණ, කලණ ගුණසේකර, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, ලක්මාල් ධර්මරත්න, සරත් කොතලාවල සහ මාදනී මල්වත්ත ඇතුළු ප්‍රවිණ නළු නිළියෝ රාශියක් රංගනයෙන් දායක වෙති.

මීට අමතරව ජගත් මනුවර්ණයන් “කොඩි ගහ යට” ටෙලි නාට්‍යද ඔහු අධ්‍යක්ෂණය කළ පළමු ටෙලිනාට්‍ය වන අතර “ගින්දර පොඩ්ඩක්” (2004) සහ වෝටර් ලිලී (2011) යන කෙටි චිත්‍රපටද නිර්මාණය කෙරිණි.

Related Articles