හාර ලක්ෂයකට ඇඩ්‍රස් නෑ

හාර ලක්ෂයකට ඇඩ්‍රස් නෑ

ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් , මාවතගම මුවන්කන්ද වත්තතේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් ඉල්ලා සිටින්නේ ස්ථීර ලිපිනයකි .

වතුවල ලයින් කාමරවල වෙසෙන තමන් හා සමාන හාර ලක්ෂයක් පමන දෙනාට ස්ථීර ලිපිනයක් නැති හෙයින් ලියුම් ලැඛෙන්නේ වත්තේ සාමාන්‍යාධිකාරීවරයාගේ නමට ය. සාමාන්‍යාධිකාරිවරයා තවත් කෙනෙක් මාර්ගයෙන් ලියුම් බෙදාහරින නමුත් ලිපිය ලැබීම ස්ථිර නැත .

‘ජනතා වතු සංවර්ධන මණ්ඩලය’ වැවිලි කර්මාන්තයට අයත් රට පුරා ඇති වතු 277 කට කිට්ටු ප්‍රමාණයක් පාලනය කරන අතර මෙම වතුවල  400,000 පමණ ජීවත්වන අතර ඒ හැමෝටම ඇඩ්රස් නැත .

මෙම ගැටළුව නිරාකරණය නොවී වසර දෙසීයක් ගත වී ඇත.

Related Articles