මිහින්තලා ආරක්ෂක හමුදා ඉවත් කිරීම අර්බුදයක්

මිහින්තලා ආරක්ෂක හමුදා ඉවත් කිරීම අර්බුදයක්

මිහින්තලා පුද බිමෙන් සියලුම ආරක්ෂක හමුදා අද සිට ඉවත් කර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සිවිල් ඇඳුමින් මිහින්තලා පුදබිමේ සිටින දෙදෙනෙකු ගැන එහිදී චෝදනා කර ඇතැයි කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මිහින්තලා පුදබිමේ සිටි නාවික හමුදාවේ ද සිවිල් ආරක්ෂක බලකායේ සහ යුද හමුදාවේ භටයන් 252 අද සිට ඉවත් කරගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කීය.

යුද හමුදාවේ ආවේක්‍ෂණ රාජකාරි සිදුකළ හමුදා භටයන් දෙදෙනකුගේ රාජකාරිය සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත් එම නිවේදනය මගින් ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ආරක්‍ෂක අංශ සම්බන්ධයෙන් උන්වහන්සේගේ විශ්වාසය සහසම්බන්ධතාව යම් ප්‍රමාණයකට පළුදු වී ඇති බවට පෙනී ගිය නිසා එම පුදබිමෙන් යුද හමුදාව ඉවත් කර ගැනීමට කටයුතු කළ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රවී හේරත් මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූයේ එම තීරණය ඉතා අමනෝඥ තීරණයක් බවයි.

Related Articles