රිමාන්ඩ් වූ පොල්ගම්පලට පෙර  චෝදනා

රිමාන්ඩ් වූ පොල්ගම්පලට පෙර චෝදනා

රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල ඇතුළු තිදෙනා එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනුරුද්ධ පොල්ගම්පල රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස මීට පෙර කටයුතු කල අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුනි. මිලියන 8ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරුද්ධ පොල්ගම්පලට චෝදනා එල්ල වී තිබින

දැවිතෙල් පිරිපහදු කිරීම සඳහා

නෞකාවලින් ඉවත් කරන දැවිතෙල් පිරිපහදු කිරීම සඳහා පරිසර ආරක්ෂක බලපත්‍රයක් ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් රුපියල් කෝටියක මුදලක අල්ලසක් ඉල්ලූ බව පවසමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

ඔහු එමගින් සඳහන් කර තිබුණේ පසුගිය වසරේ තම බලපත්‍රය ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට ගිය අවස්ථාවේදී ද එහි සභාපතිවරයා විසින් රුපියල් කෝටි දෙකක මුදලක් ඉල්ලූ අතර එම මුදල ලබාදීමට අපහසු බැවින් එය රුපියල් ලක්ෂ 70ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවය.

පරිසර අධිකාරියේ සභාපති ලෙස සුපුන් එස්.පතිරගේ පත් කොට ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.දැව සංස්ථාවේ සභාපති අනුරුද්ධ පොල්ගම්පල පත්කිරීමට කටයුතු කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

අනුරුද්ධ පොල්ගම්පල රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස මීට පෙර කටයුතු කල අවස්ථාවේදී මිලියන 8ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරුද්ධ පොල්ගම්පලට චෝදනා එල්ල වී තිබින

නෞකාවලින් ඉවත් කරන දැවිතෙල් පිරිපහදු කිරීම සඳහා පරිසර ආරක්ෂක බලපත්‍රයක් ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් රුපියල් කෝටියක මුදලක අල්ලසක් ඉල්ලූ බව පවසමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

ඔහු එමගින් සඳහන් කර තිබුණේ පසුගිය වසරේ තම බලපත්‍රය ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට ගිය අවස්ථාවේදී ද එහි සභාපතිවරයා විසින් රුපියල් කෝටි දෙකක මුදලක් ඉල්ලූ අතර එම මුදල ලබාදීමට අපහසු බැවින් එය රුපියල් ලක්ෂ 70ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවය.

අනුරුද්ධ පොල්ගම්පල ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටියදී සිය මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්ව තිබූ අතර ඉන් පසු ඔහු මෙරටට පැමිණි වහාම ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුව මන්ත්‍රී ධුරයෙනුත් පක්ෂ සාමාජිකත්වයෙනුත් නෙරපා දමන ලදී.

Related Articles