ශ්‍රි ලංකාවේ  ක්‍රිකට්  තහනම්  වුනේ  කොහොමද ?

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් තහනම් වුනේ කොහොමද ?

ඕනෑම රටක ක්‍රිකට් පාලක මණ්ඩල වල දුෂණ , වංචා සිදු වූ විට එරට අධිකරණය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ ඒ පිලිබදව සොයා බැලීම සිදු කිරීම බහුලව සිදුවන අතර එය ඉන්දියාව , පකිස්තානය දකුණු අප්‍රිකාව තුල ද සිදු වී ඇත.

එහෙත් එසේ සිදු වූ විට තම රටේ දේශපාලකයින් රටේ ක්‍රීඩාවට ඍජුව හෝ වක්‍රව අධිකරණය මගින් හෝ මැදිහත් වනවයි කිසිම පාලක මණ්ඩලයක් තම රටට එරෙහිව ICC වෙත පැමිණිලි නොකර තම රටේ ජනතා , මතයන් , දේශපාලන , අධිකරණ මතයන් ට ගරු කිරීමටත් පිළිගැනීමටත් නිහතමානී වී ඇත.

ICC වෙත අදාල රටෙන් පැමිණිල්ලක් ලැබී නොතිබෙන්නේ නම් කිසි විටක ICC වෙත කිසිම රටක ක්‍රිකට් පාලක මණ්ඩලයක් තහනම් කිරීමේ බලයක් හෝ හැකියාවක් නොමැත ..
මෙරටින් ICC වෙත පැමිණිලි කර තිබෙන නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ICC වෙත හැකියාව ලැබී ඇත.

ජෝසප් ඩයස් (JSD Newslin)

Related Articles