ඇමරිකාව දඹුළු ගිහින් තලගොයි අල්ලන වැඩකට අතගසයි

ඇමරිකාව දඹුළු ගිහින් තලගොයි අල්ලන වැඩකට අතගසයි

ජාත්‍යන්තර සංවර්ධන මූල්‍යකරණයේ දී චීනය සමඟ ඇමරිකානු එක්සත් ජනපදය දැඩි තරඟයක යෙදී සිටින අතරවාරයේ ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 553 ක ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කියා සිටියේය.

මේ මගින් ඇමරිකාවට ඉතා ලාබදායක ලෙස ක්‍රියාත්මක වන වරාය ව්‍යාපෘතියක නිරතවීමට ඉඩ ලැබෙන අතර ඉන්දියානු සාගරයේ තම ආධිපත්‍ය පතුරුවා ලීමටත් අවස්ථාවක් ලැබේ .

කොළඹ වරාය 2021 සිට එහි ධාරිතාව ආසන්නයේ ක්‍රියාත්මක වන අතර නව පර්යන්තය බෙංගාල බොක්කෙහි වර්ධනය වන ආර්ථිකයන් සඳහා පහසුකම් සපයනු ඇතැයි ඇමරිකානු ආයෝජකයින් පවසති
.

මේ නව ව්‍යාපෘතිය චීනයේ නොසතුටට හේතු විය හැකි නමුත් ඒ සමඟම මේ තුලින් ශ්‍රී ලංකාවට චීනය සමඟ කේවල්කාරී ලෙස කටයුතු කිරීමේ වැඩි ඉඩක් ලැබෙන බවයි විදෙස් විත්ති විචාරකයින් පවසන්නේ.

Related Articles