වසරේ සංචාරක ඉලක්ක වල පසුබෑමක්

වසරේ සංචාරක ඉලක්ක වල පසුබෑමක්

2023 නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ සංචාරකයින් 22,202 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,147,657 කි.

නොවැම්බර් මාසයේ පළමු දින 5 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර මීට අමතරව ඉන්දියාවෙන් 3,866ක් ජර්මනියෙන් 2,011ක් එක්සත් රාජධානියෙන් 1,539 ක් පැමිණ ඇත.

මේ වසරේ අපේක්ෂිත ඉලක්කය මිල්යන දෙක වන අතර එම ඉලක්කය සපුරා ගත හැකිවෙන බවක් පෙනෙන්ට නැත, අනෙක් අතට පැමිණෙන සංචාරකයින් වැඩිදෙනා අඩුවෙන් වියදම් කරන්නන් වීමද ගැටලුවකි.

Related Articles