වසර 15 ක් රිමාන්ඩ්  භාරයේ  පසු වූ  විත්තිකරුවන් නිදහස්

වසර 15 ක් රිමාන්ඩ් භාරයේ පසු වූ විත්තිකරුවන් නිදහස්

ශ්‍රී ලංකාවේ සිටින පකිස්තාන මහකොමසාරිස්වරයා ගමන් ගත් රථ පෙළ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනා යටතේ වසර 15 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි LTTE විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කොට ඇත.

කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් අනුව ඊයේ (නොවැම්බර් 10 වැනිදා) එම විත්තිකරුවන් තිදෙනා නිදහස් නිදහස් කොට ඇත. 2006 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවකට ශ්‍රී ලංකාවේ සිටි පකිස්තාන මහකොමසාරිස්වරයා ගමන් ගත් රථ පෙළ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා නොහොත් කරන්, කනගරත්නම් ආදිත්‍යන් නොහොත් ගිරි යන අයට පුරා වසර පහලොවක් තිස්සේ දීර්ඝ නඩු විභාගයකට පෙනී සිටීමට සිදුවිය. කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවය.

Related Articles