ඉක්මනින්  ගෙදර එන්න බලන රට  යන  කතුන්

ඉක්මනින් ගෙදර එන්න බලන රට යන කතුන්

ශ්‍රී ලංකාවේ කාන්තා සංක්‍රමණික සේවිකාවන්ගෙන් බහුතරයක් දිගු කාලීන ආර්ථික තිරසාරභාවය පිළිබඳව තම ක්ෂණික මූල්‍ය ඉලක්ක සපුරාගත් මොහොතේ ආපසු පැමිණීමට උත්සහ කරන බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. රැකියා අවස්ථා හිඟකම නිසා මෙම කාන්තාවන් විදේශ ගතවෙන අතර බලහත්කාරයෙන් ඔවුන් පිටරට යවන තත්වයක් ද තිබේ .

IPS අධ්‍යයනය මගින් අහඹු ලෙස මහනුවර, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර සහ වවුනියාව යන ප්‍රදේශවලින් තෝරාගත් ආපසු පැමිණෙන සංක්‍රමණික සේවකයින් 511 දෙනෙකුගෙන් දත්ත රැස් කරන ලදී.

ආපසු පැමිණෙන කාන්තා සංක්‍රමණික කම්කරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ යලිත් රැකියාවක් හොයාගනීමයි.රැකියා සඳහා සංක්‍රමණය වන ශ්‍රී ලාංකික කාන්තාවන් ගේ ගේදොර ගැටළු දරාගත නොහැකිවූ තත්වයකට පත්වූ විට ඔවුන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කරති.

Related Articles