අත්අඩංගුවට ගත් පිරිස් රඳවන්නේ කොහෙද ?

අත්අඩංගුවට ගත් පිරිස් රඳවන්නේ කොහෙද ?

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පසුගිය ඉරිදා දියත් කළ ‘යුක්තිය’ දිවයින පුරා සතියක් පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 13,666 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමඟම මේ පිරිසට පහසුකම් සැපයීම බරපතල ගැටළුවක් බවට පත්වෙමින් පවතී.අත්අඩංගුවට ගත් සෑහෙන පිරිසක් උසාවියට ඉදිරිපත් නොකොට නිදහස් කිරීමට ඉඩ තිබේ.

පසුගිය දෙසැම්බර් 17 වැනිදා පොලිසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශ විසින් සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම දියත් කළ අතර එය අද අලුයම 12.30 ට අවසන් වූ බව දැනගන්නට ඇති නමුත් පොලීසිය පවසන්නේ මෙහෙයුම ක්‍රියාත්මක බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සැකකරුවන් 13,666 දෙනාගෙන් 717 දෙනෙකු රැඳවුම් නියෝග ක්‍රියාත්මක කරමින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි. අද අලුයම 12.30 වන විට හෙරොයින් කිලෝග්‍රෑම් 9.82ක්, අයිස් කිලෝග්‍රෑම් 4.679ක්, ගංජා කිලෝග්‍රෑම් 272ක්, ගංජා පැල 944,651ක්, මාවා කිලෝග්‍රෑම් 117ක්, අළු කිලෝග්‍රෑම් 35ක්, හෂීස් ග්‍රෑම් 989ක්, ටීෂූල් කිලෝග්‍රෑම් 3ක් පොලිස් භාරයට ගෙන ඇත. කුෂ් ග්‍රෑම් 520ක් සහ මත් පෙති 65,924ක්.හොයා ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම, නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් 174 දෙනෙකු විමර්ශනය කරමින් පවතින අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 1,097 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය විසින් දිවයිනේ නැවත වැරදිකරුවන් ලෙස ලැයිස්තුගත කර ඇති පුද්ගලයන් 4,665 දෙනෙකුගෙන් සැකකරුවන් 1,107 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව පාතාල අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් වාහන සහ දේපළ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles