නත්තල් සීයා ගෙන් ලොකු ලුණු

නත්තල් සීයා ගෙන් ලොකු ලුණු

මේ පාර නත්තල් සීයා ගෙන් තමයි ලොකු ලුණු ඉල්ලා ගන්න වෙන්නේ යැයි අප වෙත අදහස් වූ කනතාවක් පැවසුවාය. දේශීය වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 650 ඉක්මවා ගොස් තිබෙන අතර ඉදිරි දිනවල හිඟය තවත්වාදී වීමට ඉඩ තිබේ.

වෙළඳපොලට පැමිණෙන ලොකු ලූණුවල ඉක්මනින් නරක වන හෙයින් ගැටළුව තවත් නරක අතට හැරෙමින් තිබෙන බවයි මැනින් වෙළඳපලේ තොග විකුණුම්කරු සුදර්ශන තල්පෙහෙවා පැව සුවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටළු පවතින බව ඔහු සඳහන් කළේය.

ඉන්දී යාවේ ලොකු ලූනු නිෂ්පාදනය තහනම් කිරීමෙන් පසුව පැනවූ තහනම අවම වශයෙන් තවත් මාස 3ක් පමණ පැවැත්වෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 280,000ක් පමණ වන අතර මෙරට නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 125,000ක් පමනි. ඉතිරිය ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරනු ලැබේ.

මේ වසරේ අස්වැන්න මෙට්‍රික් ටොන් 7851ක් දක්වා අඩු වී ඇත.

Related Articles