ගැලවෙන්න පුළුවන්ද කෙහෙලියට ?

ගැලවෙන්න පුළුවන්ද කෙහෙලියට ?

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියේ දී තමා අතින් කිසිදු වරදක් සිදු වී නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ගෙවීම් සඳහා තමන්ගේ සම්බන්ධයක් නැති බවයි රඹුක්වැල්ල පවසන්නේ . එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොළඹ දී ඊයේ (22) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා දුන් උපදෙස් තමත් අනුගමනය කල බව දැනට අත්අඩංගුවේ පසුවෙන හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විමර්ශකයින්ට පවසා ඇත බව ලංකා නිව්ස් ලයින් වෙබ් අඩවියට දැන ගන්ට ලැබී ඇත.

සෞඛ්‍ය වෘත්තීය සංගම් ඇතුළු විවිධ පාර්ශ්ව චෝදනා කරන්නේ, වංචාවේ මහමොළකරුවන් මෙතෙක් අත්අඩංගුවට පත් ව නොමැති බවයි. මෙම වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද වගකිව යුතු බවත් ඔහු ද අත්අඩංගුවට ගත යුතු බවත් එම පාර්ශ්ව චෝදනා කරයි.

රඹුක්වැල්ල මහතා ඇතුළු 10 දෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලමින් අල්ලස දුෂණයට එරෙහි පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය තුල බරපතල දුෂණ සිදුවෙමින් පවතින විට -අනේ මං ඒ ගැන දන්නේ නැහැ කියා ඇමති වරයෙකුට ගැලවිය හැකිද යන්න ගැටළුවකි. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලා ‘මගෙන් රටට සංවිධානය’ ආගමන විගමන පාලකවරයාගෙන් අද ඉල්ලීමක් කළේය. කෙසේ වෙතත් අධිකරණ නියෝගයකින් තොරව එවැනි තහනමක් පැනවීමට ඇ ති ඉඩකඩ සීමිතය.

Related Articles