කුඩු මෙහෙයුම හතර මං හන්දියේ

කුඩු මෙහෙයුම හතර මං හන්දියේ

මත් කුඩු තුරන් කළයුතු බවට වැඩි විවාදයක් නැතත් මේ දිනවල කරන මත කුඩු මෙහෙයුම පිළිබඳව විවාදාත්මක තත්වයක් පැන නැගී ඇත. මේ අතර, කොළඹ මෝදර ප්‍රදේශයේදී පස්වරුවේ පැවැති ප්‍රජා කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යට වී ලොකු කුඩුකාරයන් නිදහස් කිරීමට තමා ඇමැති ධූරය දරන තුරු සූදානම් නැතැයි ටිරාන් අලස් කියා සිටියේය.

කවුරු පහර දුන්නත් අඩියක් හෝ පස්සට යෑමට සූදානම් නැති බවද ඔහු සඳහන් කළේය. තමා මිනිසුන් මරන්න යැයි නොපැවසූ බව පැවසූ අමාත්‍යවරයා වැටලීම් කරන අවස්ථාවේදී පොලිසියට පහර දුන්නොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවද සඳහන් කළේය.

එවැනි තීරණයකින් පාතාලය සහ මත්කුඩු අවසන් නොකළහොත් මේ ප්‍රශ්නය කිසි දිනක විසඳිය නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

නීතිවේදීන් ගේ විරෝධය :

‘දැන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් නීතිඥය අධිකරණයේ පෙනී සිටිම විවේචනය කල අලස් ඇමතිවරයා පොලිසිය අතින් සැකකරුවන් ඝාතනය කිරීම සාධාරණීකරණය කල බවත් පවසන නීතිඥය සංගමය එම ප්‍රකාශ හෙළා දැක ඇත .
.
මත්ද්‍රවය ගෙන්වන හෝ ජාවාරම් කරන සේවාදායකයින් වෙනුවෙන් පෙනීසිටීමට තමන්ට අයිතියක් ඇති බව නීතිඥය සංගමය අවධරණය කරන්නේ අලස් ඇමතිවරයා ගේ ප්‍රකාශය දෝෂ දර්ශනයට ලක් කරමිනි .

“ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13(3) ව්‍යවස්ථාවේ නීතිමය නියෝජනය සඳහා ඇති අයිතිය විශේෂයෙන් සහතික කරයි, එහි සඳහන් වන්නේ සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවයි”නීතිඥය සංගමය පෙන්වා දෙන්නේ

අනෙක් අතට වැඩ බලන පොලිස්පතිවරයා මානව හිමිකම් කඩ කිරීම සම්න්ධයෙන් සහ සැකරුවන් පොලීසිය භාරයේ සිටියදී සඳහන් නීතිඥය සංගමය පෙන්වා දෙන්නේ , පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස භුක්ති විඳිය යුතු විශ්වසනීයත්වය නැති කර ගෙන තිබෙන බව අධිකරණය විසීම පෙන්වා ඇති බවයි. අදටත් පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් මියයාමේ සිද්ධීන් දිගින් දිගටම සිදුවන බව මෙම අධිකරණයේ නිරීක්‍ෂණය බවයි නීතිඥය සංගමය පෙන්වා දෙන්නේ.

පෞද්ගලිකත්වය හෙළිදරව් වන ආකාරයට:

පොලීසිය ගෙයින් ගෙට ගොස් කරන සෝදිසි කිරීම් එම නිවැසියන්ගේ පෞද්ගලිකත්වය හෙළිදරව් වන ආකාරයට රූප ගත කොට පෙන්වීමෙන් පෙනීයන්නේ මෙය සැබෑ මෙහෙයුමකට වඩා ප්‍රදර්ශනාත්මක එකක් බවය් බව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන පිරිස් පවසති .

අනාවරණ:

ඇමති ටිරාන් අලස් ගේ ප්‍රශ්න කටයුතු විදේශ වත්කම් පිළිබඳව සිදුවී ඇති අනාවරණ සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් අනතුරුව මතු වූ තත්වය හමුවේ මේ කුඩු මෙහෙයුම දියත් කෙරෙන බව පවසන පිරිසක් සිටිති.

මහා පරිමාන කුඩු ජාවාරම් කරුවන් සිටියදී කුඩු පාවිච්චි කරන්නන් හඹා යෑම නිරර්ථක ක්‍රියාවක් බව පෙන්වා දෙන පිරිසක්ද සිටිති. වඩා මධ්‍යස්ථ පිරිස් පවසන්නේ මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන අයගේ අරමුණු හා පසුබිම කෙසේ වෙතත් කුමක් හෝ කිරීම වැදගත් බවයි.

ජනාධිපතිවරයාගේ පාලනය යටතට:

මේ අතරවාරේ පොලීසිය ජනාධිපතිවරයාගේ පාලනය යටතට පවර ගැනීම සිදිවිය හැකි බවටද කතාපත්‍ර යමින් තිබේ. ජනාධිපති වික්‍රමසිංහ සහ පොහොට්ටුව අතර පරතරය ක්‍රමයෙන් දුරස් වෙමින් පවතී . ටිරාන් අලස්ට පොලිස් ඇමති කම ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ නිර්දේශයෙනි . මෙවැනි තත්වයක් යටතේ පොලීසිය තම පාලන කලාපයෙන් ඉවතට ඇදී යන බවක් ජනාධිපති වික්‍රමසිංහට පෙනී යන්නේ නම් ඔහු ආරක්ෂක පියවරක් ගැනීමට ඉද ඇත .අනෙක් අතට වැඩ බලන පොලිස්පති තනතුරට දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රියතම තේරීම නොවන බවට ත් මත පළවෙමින් තිබේ. මේ හේතුවෙන් කුඩු මෙහෙයුම කොයි පැත්තට යාවිදැයි කිව නොහැක.

කොයි පැත්තකට මෙහෙයුම ගියත් එය කුඩු ජාවාරම් කරුවන්ට ප්‍රශ්නයක් නොවනු ඇත . මන්දයත් හැම පැත්තම සමඟ ගනුදෙනු කිරීමේ හැකිවාව ඔවුන්ට ඇත. කුඩු ජාවාරම සෑහෙන තරමින් පාලනය කරගත හැකි වන්නේ මුලික සමාජ ප්‍රතිසංස් කරන හෝ සමාජ වනස් වීම් වලින් පමණි . එසේ නැතුව කරන මෙහෙයුම් වල නියත ජය කුඩු ජාවාරම් කරුවන්ටයි. මන්දයත් බලය මේ ජාවාරම්කරුවන් සමඟ නිරන්තර ගනුදෙනුවක සිටින බැවිනි.

Related Articles