දේශබන්දු ගැන දැන් තිබෙන්නේ චකිතයක් – දීපිකා උඩගම

දේශබන්දු ගැන දැන් තිබෙන්නේ චකිතයක් – දීපිකා උඩගම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහජන මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශපන්දු තෙන්නකෝන් හට දිගටම කටයුතු කරගෙන යෑමට ඉඩ දීම ගැටලු සහගත බවයි.

්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලිව පෙන්නුම් කොට ඇති පරිදි ඔහු සෘජුවම වධ හිංසනයට සම්බන්ධ වී ඇති අතරම ඔහුගේ කනිෂ්ඨ නිලධාරීන් හිංසනයේ යෙදෙද්දී ඔවුන්ව පාලනය කිරීමටද කටයුතු කොට නැත.

බරපතල චෝදනා තිබෙන දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් එම නම යෝජනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම ඔහුගේ නම අනුමත කළ ව්‍යවස්ථාදායක සභාවද කටයුතු කළ ආකාරය ගැටළු සහගත බවයි ආචාර්ය දීපිකා උඩගම පෙන්වා දෙන්නේ.

පොලිස් බලතල අයුතු ආකාරයට භාවිතා කිරීමේ හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන හෙයින් මේ තත්වය පාලනය කිරීම රජයේ වගකීම බව යි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනිය පෙන්වා දෙන්නේ .

ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තරයෙන් එල්ලවන චෝදනා මෙවැනි පත්වීම් හේතුවෙන් සනාථ වන අතර මානව හිමිකම් කඩවන රටකට ආයෝජකයින් පැමිණීමට මැලිකමක් දක්වන බව ආචාර්ය උඩගම පෙන්වා දුන්නාය .

මානව හිමිකම් චෝදනාවක වැරදිකරු වූ වැඩ බලන පොලිස්පතිවරයෙක් සිටීම රටේ ජනතාව තුළ චකිතය දනවන බව ආචාර්ය දීපිකා උඩගම වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

Related Articles