අනුර ආරක්ෂාව විමර්ශනය කෙරේ

අනුර ආරක්ෂාව විමර්ශනය කෙරේ

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ප්‍රකාශයට කිරීමෙන් අනතුරුව පවත්වාගෙන යන ප්‍රචාරක රැස්වීම් වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විමර්ශන ආරම්භ වී ඇත. පසුගියදා කළුතර පැවති කාන්තා බල මුළුව ආරම්භ කිරීමට පෙර රැස්වීම පැවති වේදිකාව සහ අවට ප්‍රදේශය පොලිස් බල්ලන් යොදා පරීක්ෂා කර ආකාරය දැක ගත හැකි විය.

මීට පෙර පාර්ලිමේන්තුව අසල ඇතිවූ සිදුවීමකදී අනුර කුමාර දිසානායක පැවසුවේ තමන්ගේ පාක්ෂිකයින් පිරිසක් තම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යොදවා ඇති බවයි . තමන් ලාභයට මැරෙන්න සුදානම් නැති බවත් තමන්ගේ ආරක්ෂාව සලස්වා ගැනීම වරදක් දැයි අරගල සමයේදී ඇති වූ සිදුවීමකදී ඔහු ප්‍රශ්න කළේය .

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ සමජිකයින් තෝරාගත් පිරිසක් රැස්වීම් වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යොදවා ඇති බවක් රැස්වීම් වල රාමු ප්‍රවේශමෙන් නරඹන විට දැක ගත හැකිය.

අනුර කුමාර දිසානායක සහභාගී වන රැස්වීම් සහ කතා කරන වේලාව අඩු කිරීමට ආරක්ෂක උපදේශකයින් ඔහුට උපදෙස් දී ඇති බව දැන් ගන්නට තිබේ. දේශපලනය සහ පාතාලය ඉතා සමීපව කටයුතු කරන රටක ආරක්ෂාව පිළිබඳව මතුවෙන ගැටළු සුළු කොට තැකිය නොහැක බවයි ජාතික ජන බලවේග පාක්ෂිකයින් පවසන්නේ.

Related Articles