කෙහෙළිය නීතිය සහයෝගය දෙන්න කම්මැලිද ?

කෙහෙළිය නීතිය සහයෝගය දෙන්න කම්මැලිද ?

තමන්ගේ නිවසටම පොලීසිය ගෙන්වා ගෙන ප්‍රකාශ දුන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අධිකරණ ක්‍රියාවලියට සහය නෙදෙන්නේද යන කරුණ ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත් වරිය හමුවේ මතු විය. දැන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට අපරාධ පරීක්ෂන දෙපාර් තුමෙන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන මෙන් ලිපියක් භාර දී ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට මහාධිකරණ කටයුත්තක් සහ කැබිනට් අනු කමිටු රැස්වීමක් හේතුවෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි නොහැකි බවයි ඔහු පවසා තිබුනේ. නියෝජ්‍ය සොලිසිටර් ලක්මිණි ගිරිහාගම පැවසූ දෙයින් උසාවියේ සිටි බොහෝ දෙනාගේ ඇස් උඩ ගියේය .

තමන් මේ පිළිබඳව හොයා බැලූ අතර කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගේ නඩු කටයුත්ත පස්වරු එකට පමණ අවසන් වී ඇති අතර කැබිනට් අනු කමිටු රැස්වීමට ඔහු සහභාගී නැති බව ලක්මිණි ගිරිහාගම පැවසුවාය .

මේ පිළිබඳව කරුණු දැක්වීමට කෙහෙළිය රඹුක්වැල්ල ගේ නීතිවේදියා නැගී සිටි මුත් මහේස්ත්‍රාත් වරිය පැවසුවේ තමන්ට නිදහසට කරුණු අවශ්‍ය නැති බවයි . මහේස්ත්‍රාත් වරිය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට ගමන් තහනමක් පැනවුවාය.

මේ වන විට නීතිඥයවරුන්ගේ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥය උපුල් ජයසුරිය නඩුවට මැදිහත්ව සිටින අතර කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු කීම බරපතල කරුණක් බව පවැසීය.

මේ වන විට කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන් නැයි ගෙන පසුව ඇප පිට නිදහස් කොට ඇත .පොලීසිය තමන්ට පහර දී නිරුවත් කල බව ඔවුන් පවසති. මේ පිළිබඳව මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බැවි ඔවුන් පවසන්නේ.

මේ පිරිසට යන ලෙස පැවසු පොලීසිය ඔවුන්ට විසිර යන්නට ඉඩ නොදී වහාම ඔවුන් අත්අඩංගුවට ගන්න ආකාරයක් දැකගත හැකිවිය .දැන් බොහෝ දෙනා බලා සිටින්නේ මේ ව්‍යජ ඖෂධ ජාවාරම තුළ කෙහෙළිය රඹුක්වැල්ල භූමිකාව කෙලෙස දිග හැරේද යන්නයි.

Related Articles