කෙහෙළියගේ අත්අඩංගුව සමඟ ක්‍රියාකාරීන්ගේ ජය ඝෝෂා

කෙහෙළියගේ අත්අඩංගුව සමඟ ක්‍රියාකාරීන්ගේ ජය ඝෝෂා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල, දිනකට පෙර නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අනුව සිකුරාදා (2) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ උදැසන දහයට පමණය .
ඒ වන විටත් ඊට පෙර දින උසාවියෙන් ඇප ලබා ගෙන නිදහස් වී සිටී සිවිල් ක්‍රියාකාරීන් දෙතුන් දෙනා එතනට රොක් වෙමින් සිටියහ.

 

හැන්දෑවේ කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීමත් සමඟ ජංගම දුරකථන ඔස්සේ පුවත පැතිර ගියේ ලැව් ගින්නක වේගයෙනි .
දින ගණනාවක් උද්ගෝෂන කරමින් සිටි සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇමතිවරයා අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමඟ ප්‍රීතියෙන් කෑ ගැසූහ.

පැය ගණනාවක් ගත වූ දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ආන්දෝලනාත්මක මානව ඉමියුනොග්ලොබියුලින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට මේ තරම් කාලයක් වුයේ මන්දැයි සිවිල් ක්‍රියාකාරීහු ප්‍රශ්න කරති .

කෙහෙළිය රඹුක්වැල්ල සැකකරුවෙකු ලෙස නම් කර සාක්ෂි තිබියදීත් ඔහු අත්අඩංගුවට ගැනීමට මෙතරම් කාලයක් ගතවීම පිළිබඳව පොලිසිය විවේචනයට ලක්ව තිබුණා. හිටපු අමාත්‍යවරයාට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ බවට චෝදනා එල්ල වූ සිවිල් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

‘අපි අධිකරණයට ගරු කරනවා’ යැයි ඔවුන් කියා සිටියහ .

 

උද්ඝෝෂණ අතරතුර අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් අතර සිටි කාන්තාවක් භාරයක් ඉටු කිරීම සඳහා කිරි බෝතලයක්
හිසට වත් කරගනිමින් කියා සිටියේ ‘මේ ලස්සන දවසක්, අපි නිදහස් ඒ නිසා අපි නිදහස් දිනය සමරනව යයි කියා සිටියහ

 

.මේ පිරිස ගේ උද්ගෝෂණ තිබුනත් නැතත් අධිකරණ ක්‍රියාවලිය හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අත්අඩංගුවට ගැනෙනු ඇතැයි කෙනෙකුට තර්ක කල හැකිය .එහෙත් මේ සිදුවීමේදී සිවිල් ක්‍රියාකාරිත්වයේ බලපෑම සම්පුර්ණයෙන්ම නොතකා හැරිය නොහැක. පොලීසිය එක එක් අයට සලකන්නේ තමන්ට මනාප හැන්දෙන් බව පැහැදිලිය . එසේ නැතිනම් කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔහු ගේ නිවසට යන්නේ නැත.එවන් වාතාවරණයක් තුළ සිවිල් ක්‍රියාකාරිත්වයට විලංගු දමා ප්‍රශ්න විඳිය නොකී බව තේරුම් ගැනීමට පොලීසියට මෙය හොඳ අවස්ථාවකි. ඇති හැකි
අයට ලොකු හැන්දෙන් බෙදීමට කැපවී ඇති පොලීසියේ ඉහලට මෙන්ම විචාර බුද්ධියෙන් තොරව එවැනි ලොක්කන් ගේ අණ පිළිපදින පොලිස් පොඩ්ඩන්ට මෙවැනි පාඩම් ඉගෙනගැනීමට වුවමනාවක් නොතිබීම තේරුම් ගත හැකිය . එහෙත් එසේ නොවෙන බොහේ දෙනෙක් පොලිස් සේවයේ සිටින බව උද්ගෝෂකයින් පැවසුහ.

 

Related Articles