අනුර ඉන්දියාවට යන්නේ මොකටද ?

අනුර ඉන්දියාවට යන්නේ මොකටද ?

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු සිව් දෙනෙකු අද (05දා) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත .

අනුර කුමාර දිසානායක මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, විශේෂඥ වෛදධ්‍ය නිහාල් අබේසිංහ සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙම සංචාරය සදහා එක් ව සිටිති .

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග පැවසුවේ නියෝජිත පිරිස නවදිල්ලිය, අහමදාබාද් සහ ත්‍රිවාන්පුරම් යන නගර තුනේ සංචාරය කිරීමට නියමිත අතර කෘෂිකර්මාන්තයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ වැදගත් මධ්‍යස්ථාන නැරඹීමට අමතරව රජයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් සමඟ රැස්වීම් පැවැත්වීමට නියමිත බව ය.

තතු දත් ආරංච් මාර්ග පවසන්නේ බලය විමධ්‍ය කිරීම පිළිබඳව මුලික කතා බහකට   ඉඩ තිබෙන බවය .

2022 දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත් කළ අරගලයෙන් අනතුරුව අනුර කුමාර ගේ ජනප්‍රියත්වය වර්ධනය වූ බවයි ඉන්දියාවේ හින්දු පුවත් පත පෙන්වා දෙන්නේ .
කොළඹ කේන්ද්‍ර කරගත් පර්යේෂණ ආයතනයක් වන සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණය උපුටා දක්වන හින්දු පුවත් පවසන්නේ ඔහු මෙවර ජනාධිපතිවරණයකදී වඩාත්ම ජනප්‍රිය අපේක්ෂකයා බවට පත් වේ ඇති බවයි . ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 50%ක් ඔහුට ඡන්දය දෙන බව ප්‍රකාශ කළ අතර ප්‍රතිචරක්යින් ගෙන් 33%ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගත් අතර 9%ක් පමණක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගත්හ.

දැඩි විපරම

මෙම පිරිස 02/05 දින අලුයම 04.41 ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 284 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ගමන පිළිබඳව ඉන්දීය ජන මාධ්‍ය සිටින්නේ දැඩි විපරමකිනි .
අනුර කුමාර දිසානායක පසුගියදා ඉන්දීය තානාපති වරයාද හමුවිය .
ආණ්ඩුවක් විපක්ෂ දේශපාලඥයින් නිළ ආරාධනයකින් කැඳවන්නේ කලාතුරකිනි.

Related Articles