ආවා කල්ලියේ නායකයා ප්‍රභාද?

ආවා කල්ලියේ නායකයා ප්‍රභාද?

යාපනය අර්ධද්වීපය තුළ ජීවත් වන ජනතාව භීතියට පත් කරමින් ක්‍රියාත්මක “ආවා කල්ලියේ“ වහ තුග සහ සුලමුල නිරන්තර විවාදයට ලක්වූ කරුණකි. රටින් පලා යෑමේ සූදානමින් ගල්කිස්ස සැඟවී සිටියදී ප්‍රභා නම් තරුණයෙක් ඇත අඩංගුවට ගෙන ඇත.

පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසන් ආකාරයට මේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ මල්ලාකම් නීලයම් බනෙයි පිල්ලෙයාර් පාරේ පදිංචිකරුවකු වන ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන ප්‍රභාකරන් කෞසින් නොහොත් ප්‍රභා නමැති සැකකරුය .

ගල්කිස්ස යශෝරාපුර පිහිටි දෙමහල් නිවෙසක උඩු මහලේ කුලියට නවාතැන්ගෙන සිටියදී ප්‍රභා අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පවා ඇති අතර වෙනත් පුද්ගලයකුගේ නමින් සකස් කර ගත් විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා යාමට සිටියදීයි ඔහුව අථදංගුඅව ගෙන ඇත්තේ.

ආවා කල්ලියේ සංකේත නාමය වන්නේ KOINSI THAMPA වන අතර සංකේත අංකය වන්නේ 001 බව ද පැවසේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු

වයස අවුරුදු 25ක් වන මෙම ආවා කල්ලියේ නායකයාට යාපනය තුළ සිදු කළ පහරදීම්, ගිනි තැබීම්, පුද්ගලයන් කපා කොටා තුවාල කිරීම් වැනි අපරාධ සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු 02ක් ද මලලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 02ක් ද නිකුත් කර තිබී ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 300ක් ද තිබී ඇත. ඒ හැරුණු කොට මෙම සැකකරු සතුව තිබී ආවා කල්ලියේ ලාංඡනය සටහන් කළ රුපියල් 100 නෝට්ටුවක් ද හමුවී ඇති බව පොලීසිය පවසයි .

මෙම පුද්ගලයා විසින් සිදු කර ඇති කපා කොටා ඝාතනය කිරීම්, මිනී මැරීමට තැත් කිරීම්, අයුතු ජනරාශියක සාමාජිකයකු වීම, වාහනවලට පහරදී හානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන් වාහනයක හප්පා ඝාතනය කිරීමට තැත් කිරීම ආදි විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔහුව තෙලිප්පලෙයි, චුන්නාගම්, මානිප්පායි, යාපනය සහ කිලිනොච්චි යන පොලිස් ස්ථානවලට අවශ්‍යව සිටි බව පොලීසිය කියා සිටී .

මෙම සැකකරු සැඟවී සිටි ගල්කිස්සේ නිවෙස ඔහු ආරක්ෂිත නිවස්නයක් ලෙස භාවිත කර ඇති බවත් නිවෙස් හිමිකරු අවුරුදු 72ක් වයසැති සුමනාවතී නමැති කාන්තාවක බවත් පොලිසිය කියයි. මෙම නිවෙසේ ඔහු රැඳී සිටින්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට බවත් මසකට රුපියල් 25,000ක කුලියක් ගෙවන බවත් අනාවරණය වී ඇත.

Related Articles