ප්‍රාදේශීය ලේකම් සංචිතයට -හැමෝම නිහඬයි

ප්‍රාදේශීය ලේකම් සංචිතයට -හැමෝම නිහඬයි

මහනුවර උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශයට ස්ථාන මාරු කර ඇත.මේ ස්ථාන මාරුව ලබා දී ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් සභා පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනි.දිල්රුක්ෂි ජයරත්න මාරු කොට ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවත්වාගෙන යන සංචිතයටය.

අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශය හෙවත් පුල් එක පිළිබඳව හැඳින්වීමක් කරන හිටපු දිසාපති සුනිල් කන්නංගර පවසන්නේ’ රාජ්‍ය පරිපාලනයේ පූල් එකට (සංචිතයට) මාරු කිරීම යනු කිසිම තනතුරක් නොමැතිව පොත අත්සන් කර වැටුප ලබා ගැනීමට අවස්ථාව ලබා දීම ය’.

ආත්මා දිල්රුක්ෂි ජයරත්න ප්‍රාදේශීය ලේකම්වරිය මාරු කොට ඇත්තේ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න රජයේ ඉඩමක් යළිත් සන්‍තක කරගැනීමට උත්සාහ ගැනීමෙන් අනතුරුවය .

ආත්මා දිල්රුක්ෂි ප්‍රාදේශීය ලේකම්වරිය වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට අනවසරයෙන් සන්තකය දරණ රජයේ ඉඩමකින් ඉවත් වීමට දැන්වීමක් මගින් නියම කර ඇත.ඒ දැන්වීමේ පරිද්දෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉවත්වීම වෙනුවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු ලේකම්වරයා දැන්වීම නිකුත් කළ ප්‍රාදේශීය ලේකම්වරිය එම තනතුරෙන් ඉවත් කර සංචිත ගත කිරීමට පියවර ගෙන ඇති බවයි දැන් ගන්නට ඇත්තේ.

දේශපාලකයෙකුගේ පවුලේ බුදලයක් වන් පුද්ගලික භාරයකට අක්කර හාරසීයක කන්දකට අයත් ඉඩම් නිදහස් දීමනා පත්‍රයකින් දීම, පුරාවස්තුවක් බවට පත්ව ඇති පාලමක් ඒ භාරයටම බදුදීම, භාරයකට පැවරූ දේපල සංවර්ධනයට රාජ්‍ය අරමුදල් යෙදවීම,රාජ්‍ය අරමුදලෙන් සංවර්ධනය කළ දේපල පෞද්ගලික දේපල සේ බූක්ති විඳීමට ඉඩ දී තිබීම යන චෝදනා ඉදිරිපත්ව ඇත .
මේ පිළිබඳව ක්‍රියාත්මක වී ඇති ප්‍රාදේශීය ලේකම් සහ අමාත්‍යංශ ලේකම් වෙතින් කරුණු වෙමසීමට මාධ්‍ය ගත උත්සාහයන් අසාර්ථක වී ඇත.

 

 

දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇත.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න රජයේ ඉඩමක් අනවසරයෙන්

භුක්ති විඳිමින් සිටින බවත්, එම දේපොළ 2024.02.24 දිනට හෝ එදිනට පෙරාතුව උඩපළාත් ප්‍රාදේශීය කොට්ඨාශයේ අංගම්මන බටහිර ග්‍රාමනිලධාරිවරයා වෙත භාර දෙන ලෙස දැනුම් දෙමින් උඩපළාත් ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න එයින් එම දේපොළෙහි දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇත.

මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගම්පොළ පාලම අසල පිහිටි මෙම ඉඩමේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකර පවත්වා ගෙන යන අතර හිටපු අගමැති දි.මු. ජයරත්නගේ කාලයේ සිට මෙය පවත්වා ගෙනැවිත් ඇත.

මෙම දේපොළ පෞද්ගලිකව භුක්ති විඳිනවා සේම එහි ගොඩනැගිලි ඉදිකර ඇත්තේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යොදවා බවත් එකී ගොඩනැගිලි කුලියට දී ලක්ෂ ගණනින් මුදල් උපයා ඇතත් ඒවායින් සතයක්වත් රජයට ගෙවා නැති බවත් හෙළි වී තිබේ.

උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් උක්ත දේපොළෙහි ප්‍රදර්ශනය කර ඇති දැන්වීමේ සඳහන් වන්නේ මෙලෙසය.

1983 අංක 29 දරණ පනතින් සංශෝධිත 1979 අංක 07 දරණ රජයේ ඉඩම් (සන්තකය ආපසු ගැනීම) පනත (අ) ආකෘතිය අස් කිරීමේ දැන්වීම

රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනතේ කාර්ය සඳහා නිසි බලධරයකු වූ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න වන මම අනුරාධ ලංකා ජයරත්න වන ඔබ මෙහි උපලේඛනයේ විස්තර කර ඇති රජයේ ඉඩමේ අනවසරයෙන් සන්තකය දරණ බව පදිංචිව සිටින බව මගේ මතය හෙයින් එම පනතේ 3 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව (අ) ඔබේ යැපෙන්නන් කිසිවකු වෙතොත් ඔවුන්ද සමඟ ඒ ඉඩම අත්හැර යන ලෙසද සහ (ආ) ඒ ඉඩමේ  මෙම පනතේ කාර්යයන් සඳහා නියම කර ඇති බලධරයකු වන මා වෙත හෝ 1164 අංගම්මන බටහිර වසමේ ග්‍රාමනිලධාරි චමින්ද ප්‍රභාත් සඳරත් වෙත භාර දෙන ලෙස අනුරාධ ලංකා ජයරත්න වන ඔබට නියම කරමි.

මේ පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නගෙන් පැවසුවේ තමන් 2020 වසරේ දී සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු වලින් ඉවත් වූ බවයි. එනිසා ප්‍රාදේශීය ලේකම්වරිය ඇලවූ ඉවත් වීමේ නියෝගයක් පිළිබඳ දැන්වීමක් ගැන තමන් නොදන්නා බවයි.

 

 

 

Related Articles