කෙහෙළියට අසනීපයි බන්ධනාගාර රෝහලට

කෙහෙළියට අසනීපයි බන්ධනාගාර රෝහලට

 

රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හදිසියේම රෝගී වී තිබේ

මේ රෝගී තත්වය පිළිබඳව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කඩිනමින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ යුතු බව බන්ධනාගාර බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය .

කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට පත් වූ වහාම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර පල කල පිරිස් විමසා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුල් වන්නේ බන්ධනාගාර රෝහලටද -ජාතික රෝහලටද යන්නයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් පෙබරවාරි 2 වනදා අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (පෙබරවාරි මස 03) නියෝග කරන ලදී.

 

Related Articles