අනුර කුමාර අළුත් ආණ්ඩුවක් සඳහා පක්ෂය ස්ථානගත කරයි

අනුර කුමාර අළුත් ආණ්ඩුවක් සඳහා පක්ෂය ස්ථානගත කරයි

අනුර කුමාර දිසානායකට ඇමරිකානු ඩයස්පෝරාවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබේ. ඔහුගේ රැලි සහ උත්සව සඳහා හොඳින් සහභාගී වී ඇති අතර, ඔහුගේ බලාපොරොත්තුව සහ වෙනස පිළිබඳ පණිවිඩය විදේශයන්හි වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් ගේ සිත් ගෙන ඇත.

ඔහු සාකච්ඡා සැසි රැසක් පැවැත් වූ අතර, පසුව ප්‍රේක්ෂක න් හට ප්‍රශ්න ඇසිමේ අවස්ථාවක් ලබාදෙන ලදී. ලංකා නිවුස් ලයින් වෙත වාර්තා වන පරිදි මෙම සැසි සම්පූර්ණයෙන්ම මහජනතාවට විවෘත කර තිබුනේ නැත. ප්‍රේක්ෂකයන් හට තෝරා බේරා ගෙන ඇරයුම් කොට තිබුන. අනුර කුමාර දිසානායක සාවධානව සවන් දී තරමක් විස්තර සහිතව නිසි ලෙස පිළිතුරු දුන්නේය. නිව් යෝර්ක්, කැලිෆෝනියා හූස්ටන් සහ තවත් නගර කිහිපයක මේ සැසි පැවැත්විණි.

මේ සැසි වල සාර්ථකත්වය අනුව බලන් විට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරිය අනුර කුමාර ගේ පක්ෂ කාර්යාලයට පැමිණීම අහම්බයක් නොවේ.

සියල්ලටම වඩා අනුර කුමාර ඇමරිකාවේ ශ්‍රී ලංකා ඩයස්පෝරාව වෙත ඉතා ධනාත්මක උපායමාර්ගික සහ නම්‍යශීලී දැක්මක් ගෙන හැර පෑවේය.
කාලිෆෝනියාවේ පැවති සැසියකදී මුස්ලිම් ඉංජිනේරුවෙකු වන ෆයිසාල් බුහාරි, පාස්කු බෝම්බ ප්‍රහාරය සහ මුස්ලිම් කොවිඩ් වින්දිතයන් භූමදානය කරන අවස්ථාවේ මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ගත් ස්ථාවරය ගැන අනුර කුමාරට තම ස්තූතිය පුද කළේය. ඔහු කියා සිටියේ සියලු ජාතීන්ට ඉඩ දෙන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

සෑම කෙනෙකුටම වෙළඳාම් කිරීමට සහ ආයෝජනය කිරීමට ඉඩ සලසන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාතික ජන බලවේගය පෙනී සිටින බව ඔහු පැවසීය.

වැඩිදුරටත් කියා සිටියේ අපට කුඩා වෙළඳපොලක් තිබුණද කුරුඳු, ගම්මිරිස්, මාළු වැනි ඇතැම් නිෂ්පාදන අපට ගෝලීය මට්ටමින් අලෙවි කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ පාලනය හැසිරවීමට අවශ්‍ය දත්ත, භූ දේශපාලනය සහ දේශපාලන උපාය මාර්ග පිළිබඳව මනා දැනුමක් ඇති බව ප්‍රේක්ෂකයන්ට ප්‍රදර්ශනය කළේය. ශ්‍රී ලංකාව සඳහා සේවා සහ කර්මාන්ත කේන්ද්‍රීය ආර්ථිකය සම්මිශ්‍රණය කිරීම සඳහා පවතින ආර්ථික අවස්ථා ගණනාවක් ඔහු සඳහන් කළේය.

ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී NPP හි දේශපාලන ක්‍රමෝපාය හෙළි කළේය. ඉදිරි මහ මැතිවරණයේදී 113ක බහුතර බලයක් ලබා ගැනීමට NPP අපොහොසත් වුවහොත් ඔවුන් සමඟ කටයුතු කළ හැකි වෙනත් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙස බලන බවද ඔහු පැවසීය.

අනුර කුමාර දිසානායකගේ ජාත්‍යන්තර ප්‍රවේශය ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ බලගතු චරිතයක් බවට පත් කර ඇති අතර, ඔහු බොහෝ දෙනා විසින් රටේ අනාගත අනාගත නායකයෙකු ලෙස සලකනු ලැබේ.

දැන ගන්නට ලැබෙන පරිදි අනුර කුමාර දිසානායකගේ ඇමරිකානු චාරිකාව හේතුවෙන් පක්ෂ අරමුදල විදෙස් ගත ලාංකිකයින්ගේ අනුග්‍රහයෙන් ශක්තිමත් වෙන්නට පටන් ගෙන් තිබේ.

Related Articles