පොලිස් පති කෙනෙක් ඉන්නවාද ?

පොලිස් පති කෙනෙක් ඉන්නවාද ?

වත්මන් පොලිස්පතිවරයා මේ වන විට සේවා දිගු කිහිපයක් යටතේ රාජකාරි කරමින් සිටින් අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ වර්තමානයේ පොලිස්පති ධුරය හොබවනු ලබන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න හේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් පිළිගෙන නැති හෙයින් නියමාකාර පත් කිරීමක් සිදුව නැති බවයි.

වත්මන් පොලිස්පතිවරයා ගේ සේව්‍ය මේ වන විට සිව් වතාවක් දීර්ග කොට ඇත.

පොලිස්පති ධුරය හිමි වන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටයි. පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් යුත් නිලධාරීන් කිහිපදෙනෙකු පොලිස්පති පෝලිමේ සිටිති. ධුරයට පත්වීම සඳහා පොරොත්තු ලැයිස්තුවේ සිටියි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන (පරිපාලන අංශය), ලලිත් පතිනායක (වයඹ පළාත), දේශබන්දු තෙන්නකෝන් (බස්නාහිර පළාත) සහ ප්‍රියන්ත වීරසුරිය (අපරාධ කොට්ඨාශය භාර) යන නිලධාරීන් මීලඟ පොලිස්පති ධුරය සඳහා ඉදිරිපත් කොට ඇත.

නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් අධිකරණය හමුවේ නඩු ගොනු වී ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ද අධිකරණය හමුවේ නඩු කිහිපයක් පවතී. එහෙයින් මේ දෙදෙනා ගේ නම් ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.

සේවා දිගු මතින් පොලිස්පති තනතුරේ පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න හට තවත් දීර්ග සේවා දිගුවක් ලබා දී ප්‍රශ්නය තාවකාලිකව විසඳීම තවත් විකල්පයකි.

Related Articles