අලුත් පොලිස් කොමසාරිස් කෙනෙක්

අලුත් පොලිස් කොමසාරිස් කෙනෙක්

අනුර කුමාර දිසානායක ගේ බසින් පැවසුවහොත් රීලෝඩ් වෙමින් (සේවා දිගු ) ලබමින් සිටි හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට නව තනතුරක් ලබීමට් යන බව වාර්තාවේ.

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග මාධ්‍යයට හෙළිදරව් කොට තිබේ.

ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන ප්‍රධාන පෙළේ සිවිල් තනතුරක් වන පොලිස් කොමසාරිස් ජනරාල්වරයාට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරීමට යන අතර ඒ සමඟම පොලිස්පති වරයා සිටින්නේ කුමකටද යන ප්‍රශ්නය මතු විය හැකිය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට හිටපු පොලිස්පතිවරයා පත් කරන ලෙසටද ජනාධිපති කාර්යාලයට තවත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

Related Articles