මානව හිමිකම් කොමිසම කෝපා එන්න බෑ කියයි

මානව හිමිකම් කොමිසම කෝපා එන්න බෑ කියයි

පාර්ලිමේන්තුවේ කෝපා සභාව (රාජ්‍ය ගිණුම් කාරක සභාව) හමුවේ පෙනී සිටින ලෙස ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා කල නියෝගය මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

මැති සභා ස්ථාවර නියෝග අනුව ස්වාධීන කොමිෂන් සභා කැඳවිය හැක්කේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා සභාපතිත්වය දරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට පමණක් බවයි ද මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ.

මානව හිමිකම් කොමිසම ස්වාධීන කොමිෂන් සභාවක් වන බැවින් එවන් කොමිසමක් පවත්නා නීතිමය තත්ත්වය තුළ කෝපා සභාව හමුවට කැඳවිය නොහැකි බව පැවසුවත් ගිණුම් සහ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් එහි වගවීම බැහැර කල හැකිද යන ගැටලුව මතුවේ.

ගිණුම් වාර්තා

කෙසේ වෙතත් මානව හිමිකම් කොමිසමේ ගිණුම් නිලධාරීන් ගිණුම් වාර්තා පිළිබඳව කෝපා සභාව වෙත කරුණු දක්වා ඇත.

Related Articles